මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති තරුණ ප්‍රජාවට බෙදා දීමට පියවර

    අප්‍රේල් 18, 2023

    මෙම වසර තුළ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ළුවන් 70,000ක් ග්‍රාමීය අංශයේ රැකියා නොමැති මෙන්ම එළු පාලනයට කැමැති තරුණ ප්‍රජාව අතර බෙදා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙම වැඩපිළිවෙල සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 150කි.

    රැකියා විරහිත තරුණ තරුණියන් රැසක් ග්‍රාමීය අංශයේ සිටින අතර ඔවුන්ට අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ එළුවන් ලබා දීම හා එළුපාලනය සදහා අවශ්‍ය තාක්ෂණික ලබා දීම මෙන්ම එළුපාලනය ආශ්‍රිත නිෂ්පාදන නැවත මිල දී ගැනීම සදහා ( Buy Back) පුද්ගලික අංශයේ සහයෝගය සළසා දීමට ද නියමිතය.


    එසේම එළු පාලනය සදහා ඉඩකඩ ඇති දිස්ත්‍රික්ක කිහිපයක් පළමුව තෝරාගෙන එම දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව අතර මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කෙර්.


    දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයක එළු පාලනය ඉතා හොඳින් සිදු කළ හැකි බවත් ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන එළුවන් වර්ග මේ සඳහා සුදුසු බවට හඳුනාගෙන ඇති බවත් මෙම එළු විශේෂ මගින් වැඩි ආදායමක් උපයා ගත හැකි බවත් කෘෂි අංශ පෙන්වා දේ.


    දැනට එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන බැවින් එළු පාලනය ආශ්‍රීත නිෂ්පාදනයන් වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය.


    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය වී තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya