මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධනය සඳහා තෝතැන්නක් බවට ''පෝට් සිටි'' ව්‍යාපෘතිය පත් කරගත යුතුයි

    පෙබරවාරි 22, 2023

    අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, ජාති ආගම් කුල මල පසෙක දමා ආර්ථිකය ගො ඩනැගීමට කටයුතු කර මේ රටේ සංවර්ධනය සඳහා තෝතැන්නක් බවට පෝට් සිටි ව්‍යාපෘතිය පත් කර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළේය.

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග දෙකක් පිළිබඳ අද පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා නව රැකිය අවස්ථා 87,000ක් පමණ උදා කර ගැනීමට හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය. මේ හරහා ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීමේ හැකියාව ලැබෙන බවද හෙතෙම සඳහන් කළේය. මෙරට අපනයනය කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් ගොඩ නැගිමේදී වාරාය නගරය එහි කේන්ද්‍රස්ථානය බවට පත් වන බව අලි සබ්රි අමාත්‍යවරා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අලි සබ්රි අමාත්‍යවරයා පැවසුවේ,

    2021 අංක 11 දරන කොළඹ වරයා නගර පනත ගෙනාවේ මම. ඒ ගේනකොට මහා බිල්ලෙක් මැව්වා. අපි මේ ගේන්නේ චීන කොලනියක් කියලා, මොන බිල්ලෙක්ද මැව්වේ, මේ වන විට චයිනා හාබර් කොම්පැනියේ 90%ක් කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනය කර ඉවරයි. යුරෝපය, සිංගප්පූරුව , ඇමරිකාව වැනි රටවල් ආයෝජන සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

    ගිය වසරේ මාර්තු මාසය වන විට පැය 13ක් විදුලිය කැපුවා. මාසයක් පෝළිමේ සිටියත් ගෑස් නැහැ.ඊට සාපේක්ෂව යම් ප්‍රගතියක් තිබෙනවා. එය නැහැ කියන්න බැහැ.

    කිසිම රටක් සමග බිල්ලෙක් මවන්න හැකියාවක් නැහැ. අපි ඒ සෑම රටක්ම සහයෝගයෙන් කටයුතු කළ යුතු වෙනවා. ජාත්‍යන්තරය තුළ අපට තිබෙන සුරක්ෂිතභාවය, අපේ මාර්කට් එක ආරක්ෂා කර ගැනීම, රැකියා වොළෙඳ පොළ ආරක්ෂා කර ගැනීම වැනි බහු විධ කාර්ය පටිපාටියක්. මිත්‍ර රටවල් සමග හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගෙන මිස ඔවුන් සමග සටන් කිරීමෙන් පළක් නැහැ. අපේ රටට ගැළඵෙන රටේ ස්වරීත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි.

    අපි හැමදාම ඉතිහාසයේ සිර කරුවන් නොවිය යුතුයි. හැමදාම අතීතය ගැන කියමින් ඉදිරියට යන්න බැහැ. ලෝකයේ විශාලතම ආර්ථිකයක් වර්ධනයක් අත් කර ගෙන තිබෙනවා. රටවල් එකට එක් වි කලාප වශයෙන් අද දියුණු වී තිබෙනවා.

    එවන් කරුණක් තුළ ඉන්දියාව සමග හොඳින් කටයුතු කරමින් වෙළෙඳපළ වර්ධනයක් ඇති කර ගැනීම ඉතා වැදගත් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya