මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සදහා සාමාජික මන්ත්‍රීවරුන් නම් කෙරේ

    පෙබරවාරි 21, 2023

    පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද මන්ත්‍රීවරයන්ගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙසේ මන්ත්‍රීවරයන් නම්කර තිබේ.

    මේ අනුව ශෙහාන් සේමසිංහ මහතා, අනුප පස්කුවල් මහතා, චමල් රාජපක්ෂ මහතා, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ගාමිණී ලොකුගේ මහතා, උදය ගම්මන්පිල මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා, අජිත් මාන්නප්පෙරුම මහතා , බී. වයි. ජී. රත්නසේකර මහතා, එම්. ඒ. සුමන්තිරන් මහතා, චමින්ද වි‍ජේසිරි මහතා, සම්පත් අතුකෝරල මහතා, කරුණාදාස කොඩිතුවක්කු මහතා, කෝකිලා ගුණවර්ධන මහත්මිය, යදාමිණී ගුණවර්ධන මහතා සහ (මහචාර්ය) රංජිත් බණ්ඩාර මහතා යන මන්ත්‍රීවරයන් බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මෙසේ නම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya