මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ඩි පොහොර මිටියක මිල අඩු කිරීමට තීරණයක්- අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට උපදෙස්

    පෙබරවාරි 19, 2023

    මෙවර යල කන්නයේ දී බන්ඩි පොහොර ( MOP පොහොර ) කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දඅමරවීර මහතාගේ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් මෙරටට ආනයනය කළ අතර එම පොහොර හොන්ඩරයක මිල රුපියල් 19,500ක්විය. එවකට පැවැති ලෝක පොහොර මිල අනුව එම තීරණය ගැණුනු අතර බොහෝ ගොවීන් බන්ඩි පොහොර මිල අධික වීම හේතුවෙන් ඒවා මිල දී ගැනීමෙන්වැළකී ඇත.

    මේ වනවිට එම බන්ඩි පොහොර ‌ තොගයෙන් අලෙවි වී තිබෙන්නේ මෙට්‍රික් ටොන් 3000ක් පමණ වේ.එම ප්‍රමණය සමස්ත පොහොර තොගයෙන් සියයට10කටත් අඩු ප්‍රමාණයකි. මෙවර ඇතැම් කුඹුරුවල ගොයම් කහ වීමේ තත්ත්වයට හේතුවී තිබෙන්නේ ද බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්මදෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.

    එසේම බොහෝ දිස්ත්‍රික්කවල ඇති කුඹුරුවල උග්‍ර පොටෑසියම් හිඟ තත්ත්වයක් මතුව ඇති බව කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාලව කටයුතු කරන විශ්වවිද්‍යාලආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් අවධාරණය කර ඇත.

    විශේෂයෙන් ඊට හේතුව 2021 මහ කන්නයේ සිට ම ගොවීන්ට පොටෑසියම් අඩංගු පොහොර නොලැබීමයි. 2022 යල කන්නයේ සිට රසායනික පොහොරලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කළ ද පොටෑසියම් බහුල පොහොර විශේෂ වන මඩ පොහොර (TSP )හා බන්ඩි පොහොර (MOP ) ලබා දීමට හැකිවීනොමැත.මෙවර යල කන්නයේ දී පොටෑසියම් අඩංගු පොහොර ගොවීන්ට අනිවාර්යෙන්ම ලබා දිය යුතු බව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දී තිබේ.

    මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙවර යල කන්නය ආරම්භයේ දීම මඩ පොහොර නොමිලයේ ගොවීන්ට ලබා දීමටත්, බන්ඩි පොහොර මිටියක මිලරුපියල් 10,000 දක්වා අඩු කිරීමටත් ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙවර යල කන්නයේ දී යුරියා පොහොර තවදුරටත් රුපියල් 10,000ක මිලට ම ලබා දීමට කටයුතු යොදා ඇත.

    මේ වනවිට යල කන්නයට අවශ්‍ය තරම් යුරියා හා බන්ඩි පොහොර ලංකා පොහොර සංස්ථාව හා කොමර්ශල් පොහොර සංස්ථා සතුව පවතී.

    බන්ඩි පොහොර මිල අඩු කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබේ.

    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya