මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය කෙරෙහි තිබෙන මහජනතාවගේ දැනුවත්භාවය පුළුල් කළ යුතුයි

    පෙබරවාරි 18, 2023

    පරිසරය කෙරෙහි තිබෙන මහජනතාවගේ දැනුවත්භාවය පුළුල් කළ යුතු බවත්,පරිසරය සංරක්ෂය කළ යුත්තේ කෙසේ ද සහ ආරක්ෂා කිරිමට ක්‍රියා මාර්ග කඩිනම්න් ගත යුතු ආකාරය පිළිබඳ මහජනතාව දැනුවත් කළ යුතු බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.

    පරිසර අමාත්‍යාංශ නිලධාරින් අතර ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් (16 දින ) අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ලබා ගත යුතු අතර මේ සම්බන්ධය පරිසර සංවේදී පිරිසක් නිර්මාණය කිරිමට දිස්ත්‍රික් කාර්යාල වල නිලධාරින්ගේ ද සහය ඇතිව නව වැඩ පිළිවෙළක් කඩිනම්න් ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    පරිසර සංවේදී කළාප හා ස්ථාන හදුනාගෙන මහජනතාව ඒ පිළිබඳ දැනුවත් භාවයට ලක් කරමින් එම ස්ථාන ආරක්ෂා කිරිමට මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවද පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

    එමෙන්ම ප්ලාස්ට්ක් හා පොලීතීන් භාවිත සිදුවන පරිසර හානිය අවම කිරිමටත් ඒ සම්බන්ධ ආදේශකයන් භාවිතා කිරිමට මහජනතාව දැනුවත් කළ යුතු බවත් කී අමාත්‍යවරයා ,පොලිතීන් භාවිතයේ දී එක් වරක් පමණක් භාවිතාවන පොලිතීන් සම්බන්ධය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ,ඒ සඳහා කඩිනමින් ක්‍රියා මාර්ග ගත යුතු බවටත් අමාත්‍ය නසීර් අහමඩ් මහතා සියලු නිලධාරින් උපදෙස් දෙන ලදී.

    පරිසර අමාත්‍යාංශ වැඩ බලන ලේකම් ඩබ්.ඩී.එස්.සී. වැලිවත්ත මහතා ඇතුඵ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂවරුන්ගේ මෙම අවස්ථාවට සහභාගි විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya