මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර අමාත්‍යාංශයේ ලේකම් ජපානයේ පරිසර උප ඇමැති හමුවෙයි

    පෙබරවාරි 16, 2023

    පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  (14)දින ජපානයේ පරිසර උප ඇමැති ඔනෝ හිරෝෂි (One Hiroshi) මහතා ජපානයේ පරිසර අමාත්‍යාංශයේ දී හමුවිය.

    පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජපානයේ පැවැත්වෙන ගෝලීය පාර්ශවකාර සමුළුවට 2023 පෙබරවාරි 13-14 දෙදින තුළ සහභාගි විය.

    මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ජපානය 2022 ඔක්තෝම්බර් 10 වැනි දින කොළඹදී අත්සන් කළ ඒකාබද්ධ කාබන් හර කිරිමේ යාන්ත්‍රණය (Join Crediting Mechanism - JMC) මගින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ හැකියාව පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළහ.

    මෙහි දී පුළුල් පරාසයක පරිසරය පිළිබඳ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා කරන ලදී. Join Crediting Mechanism(JMC)- ඒකාබද්ධ කාබන් හර කිරිමේ යාන්ත්‍රණය යනු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය මත පදනම්ව අනෙකුත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ජපානය විසින් සකස් කරන ලද යාන්ත්‍රණයයි.

     

    මෙම සමුළුවේ දී, ඒකාබද්ධ කාබන් හර කිරිමේ යාන්ත්‍රණය ( JMC ) සම්බන්ධව යාවත්කාලීන තොරතුරු සාකච්ඡා කිරිම, රටවල්වල අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීම හා COP-27 දී ගණු ලැබු තීරණ සම්බන්ධ කරුණු ගැන සාකච්ඡා විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya