මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය අර්තාපල් ගොවීන් ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙලක්

    පෙබරවාරි 15, 2023

    අර්තාපල් වගා කරන මෙරට ගොවීන් මෙන්ම දේශීය අර්තාපල් වගාවත් ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් දේශීය වශයෙන් අර්තාපල් අස්වනු නෙළන අවස්ථාවේ දී විදේශ රටවලින් සිදු කරන අර්තාපල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    ඒ අනුව අර්තාපල් ආනයනය කිරීම තහනම් කිරීම වෙනුවට ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

    දේශීය අර්තාපල් අස්වැන්න නෙළන හැම අවස්ථාවකම සෑම රජයක් විසින්ම අර්තාපල් ආනයනය කිරීම නිසා දේශීය අර්තාපල් වගාව අත් හැර දමන තත්ත්වයට එම ගොවීන් පත් විය.
    විශාල මුදලක් ආයෝජනය කරමින් මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් බවත්, එම නිසා මෙම ලිපිය යැවුව ද මෙතෙක් මුදල්අමාත්‍යාංශයේ නිලධාරින් ඒ සදහා කිසිදු පියවරක් ගෙන නොමැත.


    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ බීජ අර්තාපල් වගාවේ අස්වනු නෙලීම (11) ආරම්භ විය. එම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව ඉහළ නැංවීම සදහා අවශ්‍ය බීජ අර්තාපල් නිෂ්පාදනය නඟා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
    කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙරට බීජ අර්තාපල් නිෂ්පාදනය අල ගෙඩි මිලියන 09ක් දක්වා ඉහළ නැංවීම ඉළක්කයයි. දැනට බොරලන්ද ප්‍රදේශයේ අක්කර සියයක පමණ බීජ අර්තාපල් වගාව සිදු කෙරෙන අතර මේ සඳහා එම ප්‍රදේශයේ තවත් ඉඩම් හදුනාගෙන බීජ අර්තාපල් වගාව පුළුල් කිරීමට ගොවීන් උනන්දු කරවන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    කෘෂි අංශ නවීකරන ව්‍යාපෘතිය විසින් බීජ අර්තාපල් වගාවට අවශ්‍ය නවීන තාක්ෂණය, ජල සැපයුම් පද්ධති, මෙන්ම පාංශු ආවරණ හා වගාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය උපකරණ ද බීජ අර්තාපල් ද නොමිලයේ සපයයි. ගොවින් විසින් තම ශ්‍රමය වැය කර වගාව සිදු කරන අතර බීජ අර්තාපල් මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් අදාල ව්‍යාපෘතිය විසින් සිදු කරයි.

    මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ගැටළු විසඳීමට ද පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව කිසිසේත්ම අභාවයට යාමට ඉඩ නොතිබන බව කී අමාත්‍යවරයා අර්තාපල් වගාව ආරක්ෂා කිරීමට පමණක් නොව අපිට අවශ්‍ය අර්තාපල් අපෙ රටේම නිපදවීමත්, අර්තාපල් ආනයනය වළක්වාලීම දක්වා අවශ්‍ය කටයුතු රජය මගින් ඉටු කරන බව ද සඳහන් කළේය.

    මෙ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු නිලධාරිහු සහභාගි වූහ.
    රජයේ ඉළක්කය නම් අපේ රටේ නිපදවිය හැකි හැම දෙයක්ම නිෂ්පාදනය කිරීමත්, ආනයනය සදහා වැය වන මුදල් රටේ ඉතිරි කර ගැනීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya