මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි ගම්වැදීම අවම කරගැනීමේ විසඳුම් සොයා බැලේ

    පෙබරවාරි 15, 2023

    බලංගොඩ, වටවල, බෝවත්ත, රජවක යන ප්‍රදේශවලට ප්‍රබල ගැටළුවක් ව තිබූ වන අලි ගම් වැදීම සහ කෘෂිකර්මික වගාවන්ට හානි සිදුකිරීම වැළැක්වීම සඳහා සමනල වැව සිට මුල්ගම හරහා සූරියවැව තෙක් කිලෝමීටර් 54ක අලි වැට මාස 03ක් ඇතුළත ඉදිකිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වනජීවී අමාත්‍යවරිය විසින් උපදෙස් දෙන ලදී.

    වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් වන අලි බලපෑම නිසා මිනිස් ජීවිත වලට හා වගාබිම් වලට වන හානි අවම කර ගැනීම සඳහා පැවති විශේස සාකච්ඡාව 10 දින රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී .

    ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ජනතාවට මූලික ගැටලුවක් වූ එම ප්රදේශයට ගං වැදි සිටින වන අලි නැවත වනයට පැන්නීම සඳහා දින දහයක අලි මෙහෙයුමක් කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා ලදී. මේ සඳහා වනජීවි නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් ද බහු කාර්ය නිලධාරීන් ද යොදා ගැනීමට උපදෙස් ලබා දුනි. එම  ප්‍රදේශයේ ජනතාවට නිසියාකාරව අලි වෙඩි ලබා දීමට ක්රමවත් වැඩපිළිවෙළක් සිදු කිරීමටත් දිස්ත්රික් ලේකම්වරයා වෙත උපදෙස් දෙන ලදී.


    එහි පැමිණි සිටි පිරිස ඉදිරිපත් කළ යෝජනා හා   ප්‍රශ්නවලට විසඳුම් දෙමින් කල්තොට ප්‍රදේශයේ දුෂ්කර ගම්මාන සඳහා පාරවල් කිහිපයක් පිළිසකර කිරීමටත් එය ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය ඇතිව සිදු කිරීමටත් අමාත්‍යවරියගේ උපදෙස් පරිදි තීරණය කෙරිණි.


    බලංගොඩ ප්‍රදේශයේ සංචාරක ස්ථාන දියුණු කරමින් සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමට අවධානය යොමුකර කූරගල පුදබිම, දූවිලි ඇල්ල, හුණුගල් පොකුණ වැනි සංචාරක ස්ථාන සඳහා පහසුකම් සැපයීමට එහිදී පියවර ගන්නා ලදී. එය දියුණු කිරීම දෙස් විදෙස් සංචාරකයින් එම  ප්‍රදේශයට ගෙන්වා ගැනීමට පිටුවහලක් වන බව පැමිණ සිටි පිරිස ප්‍රකාශ කළේ ය.


    අමාත්‍යවරිය තවදුරටත් පැවසුවේ, මෙම සංවර්ධන ක්‍රියාකාරකම් හා මානව සුභ සාධනයන් සිදු කිරීමේ දී වනය හා වන සතුන් රැක ගනිමින් සිදු කළ යුතු බව ය . ගසක් කැපීම යනු මනුස්ස ඝාතනයක් හා සමාන ක්‍රියාවක් බවත් එය විපාක දෙන කාර්යයක් බවත් සෑම සංවර්ධන ක්‍රියාවලියකදී ම ගහකොළ සතා සිවුපාවා ආරක්ෂා කර ගනිමින් කටයුතු සිදුකළ යුතු බවයි.


    මෙම අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අකිල එල්ලාවල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා ද සොයිසා මහත්මිය, වැලිගේපොළ ප්‍රාදේශීය සභා සභාපති කැලුම් හෙලපල්ල, බලංගොඩ ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ප්රේමසිරි, ඉඹුල්පේ ප්‍රාදේශීය සභා සභාපති ශ්‍රී ලාල් සෙනරත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්රා හේරත් මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. චන්දන සූරියබණ්ඩාර, වන සංරක්ෂණ ජනරාල් වෛද්ය කේ. එම්. ඒ. බණ්ඩාර හා බලංගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.එම්.බණඩාර, වැලිගේපොළ  ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි, කල්තොට ප්‍රාදේශීය ලේකම් නිලන්ති වීරකැටිය, ඉඔුල්පේ ප්‍රාදේශීය ලේකම් ඩී. ජී. රේණුකා සහ මහත්ම මහත්මීන් ද වන වනජීවී නිලධාරීන් ද, ග්‍රාම නිලධාරීන් ද, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්ද ප්‍රදේශයේ ජනතාවද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya