මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් තුර්කියට

    පෙබරවාරි 14, 2023

    සිරියානු-තුර්කි භුමිකම්පාවෙන් විපතට පත්වුවන් සෙවීම්, මුදවාගැනීම් හා සහන සැලසීම සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායම සදහා අවශ්‍ය සෙවීම් හා මුදවාගැනීම් උපකරණ ලබා දෙයි.

    මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය (ADPC) සහය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන උපකරණ තොගයක් සිරියානු-තුර්කි භුමිකම්පාවෙන් විපතට පත්වුවන් සෙවීම්, මුදවාගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායමවලට භාවිතා කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය වෙත භාරදිම පසුගියදා (12) සිදු කෙරිණි.


    ආපදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන (PEER Programme) යටතේ පුහුණුව ලැබු යුධ හමුදා නිළධාරීන් ඇතුලත්ව ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂඥ කණ්ඩායමක් සිරියානු - තුර්කි භූමි කම්පාවෙන් විතට පත්වුවන් හට සහන සැලසීම සදහා පිටත්ව යාමට නියමිත අතර මෙම කණ්ඩායමේ රාජකාරි ඉටු කිරීමේ දී භාවිතා කිරීම සදහා කාණ්ඩ 47 කින් අයිතම 448 ක් ලබාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.


    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පදා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහනක් (PEER Programme)මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානයේ (ADPC) සහය ඇතිව 2021 වර්ෂයේ සිට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් පවතී.


    මෙම පුහුණු වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 17 ක පමණ වටිනාකමකින් යුතු සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන පුහුණු උපකරණ තොගයක් ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දෙන ලදී.


    මෙම පුහුණු වැඩසටහන යටතේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රජා ක්‍රියාකාරීත්වය (CADRE), විනාශයට පත් විශාල ඉදිකිරීම් ආශ්‍රිත සෙවීම සහ මුදාගැනීම්(CSSR), වෛද්‍ය ප්‍රථමාධාර සහ ප්‍රතිචාර(MFR), හදිසි අවස්ථා සඳහා රෝහල් සූදානම(HOPE) යන විෂය ධාරා ඔස්සේ ආපදාවකදී සෙවීම් හා මුදවා ගැනීම් සඳහා සක්‍රීය දායකත්වයක් දක්වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ඇතුලු පාර්වකාර ආයතන නිළධාරීන් වාර්ෂිකව පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya