මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෙළෙඳපොළට සැපයෙන පොල්තෙල්වල ගුණාත්මකභාවය වෙළඳ ඇමතිගේ අවධානයට

    පෙබරවාරි 13, 2023

    දේශීය වෙළෙඳපොළට සැපයෙන පොල්තෙල් වල ගුණාත්මකභාවය පිළිබදව වෙළඳ ඇමතිගේ අවධානය යොමුවෙයි.

    දේශීය වෙළඳපොළට ගුණාත්වයෙන් උසස් නිෂ්පාදන සැපයීම හරහා පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම හා දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් දිරිමත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණු කර ගනිමින් දේශීය වෙළෙඳපොළට සැපයෙන පොල්තෙල් වල ගුණාත්මකභාවය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා අද (13) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    එහි දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මේ වන විට දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් වෙළෙඳපොලේ මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විමසීමක් කරන ලදී. ගුණාත්මක තත්ත්වයෙන් තොර බාල ප්‍රමිතියෙන් යුතු ආනයනික පොල්තෙල් අඩු මිලට වෙළෙඳපොලේ අලෙවි වීම නිසා එම පොල්තෙල් නිෂ්පාදන සමඟ තරඟ කිරීමට පාරම්පරික සුළු හා මධ්‍ය පරිමාණ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් අසීරු බවත්, එම තත්ත්වයෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම සඳහා පොල්තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යය බවත් පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයන් මෙහි දී කියා සිටින ලදී.

    විශේෂයෙන් වෙළෙඳපොළට සැපයෙන ඇසුරුම්කරණයෙන් තොර පොල්තෙල් වල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පියවරක් ලෙස එම පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් කළේ කුමන සමාගමකින්ද යන වග එම පොල්තෙල් අලෙවිකරුවන් විසින් සඳහන් කළ යුතු ලෙසට අවශ්‍යය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    මේ වන විට වෙළෙඳපොලේ පොල්තෙල් සඳහා ඇති ඉල්ලුම මෙට්‍රිික් ටොන් 18,000 වන අතර 25,000 ක ධාරිතාවයක් නිෂ්පාදනය කිරීමට දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට හැකි වුවද අමුද්‍රව්‍යය හිඟතාවය හේතුවෙන් ඔවුන් වෙළෙඳපොළට සපයන්නේ 8,000 මෙට්‍රික් ටොන් පමණි. එම නිසා වෙළෙඳපොලේ පොල්තෙල් සඳහා ඇති ඉල්ලුමට අවශ්‍ය පරිදි සැපයුම ලබා දීම සඳහා කැබලි කරන ලද පොල් ආනයනය කර පොල්තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද නිළධාරීන්ට උපදෙස් දෙන ලදී.

    පොල්තෙල් ආනයනකරුවන් සඳහා ලබා දී ඇති බදු සහනය හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදනකරුවන් දැඩි අසීරුතාවයන්ට මුහුණ දී සිටින බව දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් සඳහන් කරන ලදී.

    මුදල් අමාත්‍යාංශයත් සමඟ සාකච්ඡා කර එ් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී. මීට අමතරව පොල්තෙල් වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අවශ්‍යය ඉදිරි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යාංශ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    මෙම අවස්ථාව සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ අතිරේක ලේකම් හා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ගිල්මා දහනායක, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ අතිරේක ලේකම් හා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් එස්.එම් පෙත්තාවඩු, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ අධ්‍යක්ෂ ආශා හපුආරච්චි, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ උසස් නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya