මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා අවස්ථා 6,500ක කෝටාවක්

    පෙබරවාරි 10, 2023

    මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6,500ක  කෝටාවක් ලැබී තිබේ.

    2023 වර්ෂයේ කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලංකාව වෙත අවස්ථා 6,500ක් ලැබී ඇති අතර, ඉකුත් වසරේ දී ලැබී තිබුණේ 5,047 රැකියා කෝටාවක් පමණි. ඒ අනුව ගිය වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1,453ක් ලැබී තිබේ.

    මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ද වෙයි. මෙම රැකියා අවස්ථා 6,500 සඳහා අයදුම්කරුවන් 14,588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12,189ක්, ධීවර අංශය 2,149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසිනි.

    පසුගිය වසරේදී 5,047 ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6,639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබුණි.

    මෙම වසරේ දී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya