මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින්,දේශීය ව්‍යාපාරිකයින් සහ ආනයනකරුවන් සමඟ සාකච්ඡා කරනවා

    සැප්තැම්බර් 20, 2022

    සනීපාරක්ෂක තුවා සඳහා අය කරන ආනයන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මේ සතියේ විසඳුමක් ලබාදිය හැකි බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     

    සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරන දේශීය ව්‍යාපාරිකයින් සහ ආනයනිකයන් සමග අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී ද මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබා දීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා පාසල් සිසුවියන් පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, ආර්ථික පසුබෑමත් සමග මෙම ගැටලුව ඇති වී ඇති බවත්
    වෙළෙඳ අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත‍්‍යංශය සමග එක් වී මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya