මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ තත්ත්වය කළමණාකරණය කරගනිමින් සිටිනවා - ඉදිරි මාසය වන විට පවතින ගැටළු විසඳා ගැනීමට හැකිවේවි- - සෞඛ්‍ය ඇමති

    සැප්තැම්බර් 20, 2022

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු කණ්ඩායම් රටෙහි ඖෂධ තත්ත්වය කළමණාකරණය කර ගනිමින් සිටින බවත්, එළඹෙන මාසය වන විට මෙහි ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකි වනු ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඖෂධ හා වෛද්‍ය උපකරණයන්හි යම් හිඟයක් පැවතියද එය ඇතැම් අවස්ථාවන්හි පෙන්වා දෙන තරම් තත්ත්වයක නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී කීය. ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් ෂසාද් චෞද්රි (Shahzad Chaudhary) මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

    පකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන CCL සමාගම, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය හරහා පාකිස්තානු, ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත  (19) ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේදී මිත්‍රශීලී රටවල් රැසකින් ඉහළ සහයෝගයක් මෙරටට ලැබෙන බවත්, ඒ තුළ ඖෂධ කළමනාකරණය අද වන විට සාර්ථකව සිදුකරගෙන යමින් පවතින බවත් අමාත්‍යවරයා කීය .ගෝලීය ව්‍යසනය හා අනිකුත් අර්බුද හමුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ දුෂ්කරම කාලයක් උදා වූ බවත් එහෙත් මේ වනවිට එම අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථකව කළමනාකරණය කර ගනිමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    රටට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ගතවන කාලය මේ වන විට විශාල ලෙස අඩු කර ඇතැයිද මෙවැනි ඖෂධ ආධාර ලැබීම තුළ තවදුරටත් ඖෂධ කළමණාකරණය වඩාත් සාර්ථකව සිදු කළ හැකි යැයිද හෙතෙම පැවසීය.

    අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි ඖෂධ සැපයීමට එක් වීම පිළිබඳව පකිස්තානු රජයටත් ඒ වෙනුවෙන් කටයුතු කළ එරට සමාගමටත් පකිස්ථානු මහ කොමසාරිස්වරයා ඇතුළු එරට ජනතාවටත් ස්තූතිය පිරිනමන බව කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය. යුද්ධය පැවති කාල සීමාව තුළ ද යුදමය ආධාර සපයමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම විටම පකිස්ථානය ඉදිරිපත් වූ බවත් ඉදිරියටත් රටෙහි අනෙකුත් අවශ්‍යතාවන් හමුවේ සහයෝගය වැදගත් බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

    විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වැඩසටහන් සඳහා පාකිස්ථානු රජය සහ එහි ආයතන ලබාදෙන සහයෝගය ඉදිරියේදීද දෙරට අතර මනා සම්බන්ධතාවය තුළ වඩාත් කාර්යක්ෂම හා ප්‍රතිඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් ෂසාද් චෞද්රි (Shahzad Chaudhary) මහතා,

     2019 දි අපි ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම ගාස්තුවලින් නිදහස් ශිෂ්‍යාධාර 1000 වැඩසටහනක්. නමුත් එයින් ප්‍රයෝජන ලබාගෙන ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බව පෙනී යනවා. එම වැඩසටහන යටතේ වෛද්‍ය විද්‍යාව,සන්නිවේදන තාන්ෂණය,සෞන්දර්ය විෂයන් හා සමාජ විද්‍යාව වැනි පාඨමාලාවන් රැසක් ක්‍රියාත්මකයි. මේ වන වට ශ්‍රී ලංකාව මගින් පකිස්ථාන විශ්ව විද්‍යාල කිහිපයක් ප්‍රතික්ෂේප කිරීමක් දක්නට ලැබෙනවා. මෙම අවස්ථාවන් මඟ නොහැරගන්නා ලෙසත්, සෞඛ්‍ය අමාත්‍යතුමාට කෙරෙන සැලකිල්ලක් වශයෙන් 2023 වශයෙන් අවසාන වීමට නියමිත මෙම ශිෂ්‍යාධාර වැඩසටහනේ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කර දිය හැකි බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.

    තවද ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ අර්බුදයට උපකාර කිරීමට අවශ්‍ය යැයි පාකිස්තානු රජයට දැනුම් දුන් මොහොතේම ප්‍රමුඛව මැදිහත්වීම ගැන CCL ආයතනයට ස්තුතිවන්ත වෙනවා.

    CCL ෆාමසි ආයතනයේ දකුණු ආසියානු ව්‍යාපාර ප්‍රධානී උමාර් මාරූෆ් (Umar Maroof) මහතා

    ශ්‍රී ලංකාවේ පළමු පකිස්ථාන ඖෂධ සමාගම ලෙස මෙවැනි ඖෂධ ආධාර තොගයක් අත්‍යවශ්‍ය මොහොතකදී ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. අසල්වැසි රටක් ලෙස සුහද මිතුරු රටක් වශයෙන් අපි ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අවස්ථාවලදී විශාල සහයෝගයක් ලබා දුන්නා.මෙලෙස මේ අවස්ථාවට මැදිහත්වීමට ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද, CCL ෆාමසි ආයතනයේ නිලධාරීන් පිරිසක්ද, CIC Holdings සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂ සේරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, අධ්‍යක්ෂ (තාක්ෂණික කමිටු ,කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි යන නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya