මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 26 ක් නාවික හමුදා භාරයට

    සැප්තැම්බර් 19, 2022

    ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ (2022 සැප්තැම්බර් 16) අළුයම සිදුකළ මුර සංචාරයකදී හා සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 26 දෙනෙකු සමඟ ඩිංගි යාත්‍රාවක් සහ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව මුර සංචාර වැඩිකරමින් නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත පී 166 වෙරළබඩ මුර යාත්‍රාව වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදි. එහිදී, එම ඩිංගි යාත්‍රාව තුල සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැකකෙරෙන එම ඩිංගි යාත්‍රවේ ක්‍රියාකරුද සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දොළොස් දෙනෙකු (12), කාන්තාවන් හතර දෙනෙකු (04) සහ වයස අවුරුදු 18 ට අඩු පස් දෙනෙකු (05) ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු එම ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, උතුරු නාවික විධානයට අයත් පී 178 වෙරළ බඩ මුර යාත්‍රාව යොදවා එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයන් පිරිස නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට රැගෙන යාමට සූදානමින් රැඳී සිටි බවට සැක‍කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක්ද අද (2022 සැප්තැම්බර් 16) අළුයම එම බහුදින ධීවර යාත්‍රාවේ ක්‍රියාකරුවන් පස් දෙනෙකු (05) සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

    මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් විසිහය දෙනා (26) පුනරීන්, උඩුත්තුරෙයි, ඔට්ටමාවඩු සහ වාලච්චේන යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඩිංගි යාත්‍රාව සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මරදන්කේනි පොලීසිය වෙත භාර දීමට නියමිතය.

    තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් මෙන්ම නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන්ද වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

     

    SL Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya