මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පැවරේ

    සැප්තැම්බර් 19, 2022

    ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පැවරේ

    බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (17) මධ්‍යහනයේ ලන්ඩන් නුවරට ළගා විය.

    ලන්ඩන් නුවරට ළගා වූ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
    (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වෙන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවන ජනාධිපතිතුමා ලබන බදාදා (21) අළුයම නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
    මේ අතර ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා තිබේ.
    ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත්, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ මහත්මියත්, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත්, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාත් පත් කිර තිබේ.

     

     ජනාධිපති මාධ්‍ය අංශය (PMD)

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya