මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''කාන්තා සනීපාරක්ෂක තුවා'' ගැන කාන්තා හා ළමා රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමු වෙයි

    සැප්තැම්බර් 15, 2022

    කාන්තා සනීපාරක්ෂක තුවා පාසල් සිසුවියන් වෙනුවෙන් සහන මිලට ලබාදීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීමට තමා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

    කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සිය අවධානය යොමු කළ බවත්, බද්ද ඉවත් කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් තමා ලිපියක් යැවීමට කටයුතු කරන බවත්, ජනාධිපතිවරයා එය ඉටු කරනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් තිබෙන බවත්,රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

    රජයේ නිල පුවත් වෙබ් අඩවිය (news.lk) විසින් සනීපාරක්ෂක තුවාවල පවතින මිල තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අද (15) රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

    එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ,කාන්තා සනීපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව එය කාන්තාවන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතාවය වෙනුවෙන් වූ  දෙයක් බවත් ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya