මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීමට බත්වේලක්

    සැප්තැම්බර් 15, 2022

    එක් පාසල් දරුවෙකුට දිනකට ග්‍රෑම් 75ක බත්වේලක් ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    පාසල් දරුවන්ගේ පෝෂණය නැංවීම සදහා ෆොලික් අම්ලය, යකඩ හා විටමින් අන්තර්ගත කර බත්වේළක් ( Fortified Rice) මෙම දිවා ආහාරය සඳහා ලබා දීමට නියමිතය.

     මේ සඳහා වූ සාකච්ඡාවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 27ක් පාසල්වල ප්‍රාථමික අංශවල ‌පාසල් දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීමේ වැඩපිළිවෙළකට ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.

    මෙම බත් වේල ලබා දෙන සියලුම දරුවන්ට දිනකට බිත්තරයක් බැගින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    පාසල් දරුවන්ගේ පෝෂ්‍යදායී ආහාර සඳහා දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 82ක් ලෙස ගණන් බලා ඇති අතර එම සහල් ප්‍රමාණය වී අලෙවි මණ්ඩලය මගින් ලබා දීමට ද අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.

    රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya