මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එප්පාවල මිරිස් වගාව කෘෂි ඇමතිගේ නිරීක්ෂණයට

    සැප්තැම්බර් 15, 2022

    කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල කැටකාලය ප්‍රදේශයේ වගා කර ඇති මිරිස් වගා බිම් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ හා හිටපු කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නීරීක්ෂණයට ලක් විය.

    අදාළ ගොවිබිම් වලින් නෙලා ගන්න ඉදුණු මිරිස් නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන වියළි මිරිස් සැකසුම් මධ්‍යස්ථානයක්ද අනුරාධපුර හුරිගස්වැව මකුලෑව ප්‍රදේශයේ පවත්වාගෙන යන අතර, එයද ඔවුන්ගේ නීරීක්ෂණයට ලක් විය.

    මෙම කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් ගොවීන් සඳහා අවශ්‍යය තාක්ෂණික දැනුම, උපකරණ, නවීන වගා ක්‍රම මෙන්ම නව පළිබෝධ නාශක පිළිවෙත් මෙන්ම අස්වනු ඇසිරීම සඳහා අවශ්‍යය නව ක්‍රමඋපායන් මෙන්ම අලෙවිය සඳහා අවශ්‍ය වෙළෙඳ පොළ ද සපයා දී තිබේ.කෘමිනාශක හා රසායනික පොහොර භාවිතය අවම කර ගනිමින් සියයට 80ක්ම කාබනික වගාව ස්වාභාවික පළිබෝධ නාශක පිළිවෙත් අනුගමනය කරමින් මෙම මිරිස් වගා කරන නිසා ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ද අපේ රටේ මෙම මිරිස් වගාව සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.

    අපේ රටේ ඉතාමත් සාර්ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද අපේ රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60කට වඩා තවමත් ආනයනය කරනු ලබයි.

    ඒම මුදල මෙරට ගොවීන් සඳහා ප්‍රථිපාදන ලබා දීමට යොදවා රට තුළ පරිභෝජනයට අවශ්‍යය අමු මිරිස් හා වියලි මිරිස් රට තුළම නිපදවා රටින් පිටට යන ඩොලර් ඉතිරි කර ගැනීමට මෙන්ම රටට ඩොලර් උපයා ගැනීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

    මෙ රටට ආනයනය කරන මිරිස්වලට ලෝකයේ ඉහළම විෂ රසායනික ද්‍රව්‍ය යොදවා වගා කරන ඒවා බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන් අපේ රටේ පවා තහනම් කරන ලද උග්‍ර විෂකාරක ඒ රටවල්වල මිරිස් වගාවට යොදනවා. නමුත් අපේ වගා කරන මිරිස් ඉහළම ගුණාත්මකභාවයෙන් යුක්ත බවද ගොවීන් එහිදී පැවසීය.

    මෙම ව්‍යාපෘතිය මගින් එක් ගොවියෙක් අක්කරයකින් රුපියල් ලක්ෂ 74ක් වැනි ඉහළ ආදායමක් මාස හයක් තුළ උපයන බව මෙහිදී එම ගොවීහු පැවසීය.

    අමු මිරිස් වෙළඳපළ තුළ සුළබ වන අවස්ථාවේ මිරිස් මිළ අඩුවන විට, අමු මිරිස්, ඉදෙන්නට හැර වියළි මිරිස් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක අතර, එය අනුරාධපුර හුරිගස්වැව මකුලෑව ගම්මානයේ ගොවි සමිතියක් හරහා ක්‍රියාත්මක කෙරේ.එහි යන්ත්‍රානුසාරයෙන් මිරිස් වියළීම සිදු කෙරෙන අතර, ඒ අනුව පිරිසිදු වියළි මිරිස් ඉක්මනින් වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතී.මේ මගින් නව රැකියා අවස්ථා මෙන්ම ගොවියාට වැඩි ආදායමක් අමු මිරිස් හා වියළි මිරිස් අලෙවියෙන් ලබා ගැනීමේ හැකියාවද පවතී.

    කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අපි ඉදිරි කාලය තුළත් තවත් මිරිස් වගා ව්‍යාපෘති රැසක් ආරම්භ කරනවා යැයිද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya