මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුෂුම්නා ආබාධ සහිත රෝගීන්ගේ පරිහරණය සදහා රුපියල් මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් උපකරණ ලබා දීමට පියවර

    සැප්තැම්බර් 15, 2022

    හදිසි අනතුරු වලට හා විවිධ රෝග නිසා සුෂුම්නා ආබාධ වලට ගොදුරු වන රෝගීන්ගේ පරිහරණය සදහා විශේෂිත රෝද පුටු ඇතුළුව අත්‍යවශය උපකරණ තොගයක් ලබා දීම සදහා අදාල ගිවිසුම්ගත වීම අද දින (14) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

    සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් සෞඛ්‍ය ලේකම් ජනක එස් චන්ද්‍රගුප්ත මහතා සහ අනුග්‍රහය දක්වන LDS Latter – day saints charities (USA) ආයතනය වෙනුවෙන් Elder David P. Homer - Asia Area President යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබන ලදී.

    මෙහි පලමු අදියර යටතේ විශේෂිත රෝද පුටු 544 ක්, සංචලන ආධාරක (Mobility aids) 370 ක්, කෘතිම උපකරණ (Prosthetic items) 410 ක් ලබා දීමට නියමිතය. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 10 කට අධික වේ.

    සුෂුම්නා ආබාධ සහිත රෝගීන් හට ප්‍රතිකාර කිරීම සදහා ස්ථාපිත කර ඇති ප්‍රධාන රෝහල වන්නේ රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහලයි. මෙයට අමතරව පොලොන්නරුව ජයන්තිපුර රෝහලද, මහනුවර දිගන රෝහල් මගින් ද, රිජ්වේ ආර්යා ලමා රෝහල, ගාල්ල මැලිබන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය, බදුල්ල කැන්දගොල්ල පුනුරුත්ථාපන මධ්‍යස්ථානය, වවුනියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින්ද ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබයි.

    රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහලට පමණක් වසරකට විශේෂිත රෝද පුටු 300 ක් අවශ්‍ය වන අතර අනෙකුත් මධ්‍යස්ථාන හා රෝහල් සදහාද රෝද පුටු අවශය වේ.

    හදිසි අනතුරකට පත්ව සුෂුම්නාව ආබාධයකට ලක්වන රෝගීන්ගෙන් බහුතරය යම් වෘත්තියක නියැළුනු අය වෙති. අනතුරකට ලක්ව කිසිවක් කර ගත නොහැකිව පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර සිදුකර යම් වෘත්තීය පුනරුත්ථාපනයකට, ස්වයං රැකියාවකට යොමු කිරීමට ද මෙම රෝහල් හා මධ්‍යස්ථාන මගින් පියවර ගනු ලබයි.

    ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, නීති නිලධාරී ඒ.ආර්.අහමඩ්, කාසල් වීදියේ කාන්තා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස්, (LDS) Latter – day saints charities (USA) ජාත්‍යන්තර ආයතනය නියෝජන්‍ය කරමින් Chad Furness - Asia Area Director of Temporal Affair සහ Mickey Lui - Area Welfare and Self-Reliance Director යන මහත්ම මහත්මින් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya