මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්ති ආයෝජනයට ඕස්ට්‍රේලියානු ආයෝජකයන් හා ශ්‍රී ලංකා රජය අතර මූලික වටයේ සාකච්ඡා ඇරඹේ

    සැප්තැම්බර් 14, 2022

    පුනර්ජනනීය බලශක්ති ආයෝජනයට ඕස්ට්‍රේලියානු ආයෝජකයන් හා ශ්‍රී ලංකා රජය අතර මූලික වටයේ සාකච්ඡා ඇරඹේ

    ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.‍

    මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (David Holly) ඇතුළු ආයෝජකයින් පිරිසක් එක්ව සිටියහ.

    පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත.

     

    ජනාධිපති මාධ්‍ය අංශය(PMD)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya