මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට කටයුතු කරනවා- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    සැප්තැම්බර් 02, 2022

    පසුගිය කාලසීමාවේදී සංවිධානාත්මක අපරාධ රැසක් දිවයින පුරා වාර්තා වූ බවත් මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධීන් මැඩ පැවැත්වීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ, අද (1) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂමාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    මැයි මස 31 වැනි දින පළමු සිදුවීම වාර්තා වූ බවත් මේ වනවිට මනුෂ්‍ය ඝාතන 26 ක් සිදු වී ඇති අතර 16 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ මහතා පැවසීය.

    මෙම සිදුවීම්වලින් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිද්ධීන් බවත් මේවා ලංකාවේ සිට විදෙස්ගතවූ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස්මෙහෙයවන බවත් මුදල් වංචා කිරීම් මෙම සංවිධානවල තොරතුරු පිටතට අනාවරණය වීම් වැනි හේතූ නිසා සිදු කරන ලද බවත් විමර්ශනවලදී අනාවරණයවී ඇතැයි තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටී.

    මේ වන විට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය , රාජ්‍ය බුද්ධි සේවය සහ නීතිය සම්බන්ධ සියලු ආයතන එක්ව මෙම ක්‍රියා මැඩපැවැත්වීමට සියලුපියවරයන් ගෙන ඇති බව පවසන ඒ මහතා මෙම සිද්ධීන්වලට අනුග්‍රහය දක්වන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්අවධාරණය කළේය.

    එසේම මෙවැනි සිද්ධීන් සම්බන්ධව තොරතුරු දන්නේ නම් දුරකතන අංක 118 , 119 හා 1997 අමතා දැනුම් දෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya