මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු රාජ්‍ය නිළධාරීන් වගාවට යොමුවීම කාලෝචිතයි - අමාත්‍ය රොෂාන් රණසිංහ 

    ජූනි 06, 2022

    රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත ඉදීරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව විද්වතුන් විසින් පෙන්නුම් කර දී ඇති පසුබිමක රටක් ලෙස මෙම තත්ත්වයට මුහුණදීමට අප සැවොම එක්ව ඉතා වගකීමෙන් වැඩ කළ යුතුයි.  රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගාවට යොමුවීම හා ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසූයේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සමග (01) දින තරුණ හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවක් අතරතුර දීය.

    එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද අදහස් දැක්වීය.


    රටේ තරුණ ප්‍රජාව මෙම කාර්යය සදහා සෘජුවම දායක කරගැනීම සදහා වූ විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට තරුණ ප්‍රජාව භාර තම අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි. අවුරුදු 15 සිට අවුරුදු 29 දක්වා වයස් පරතරයේ පසුවන ලක්ෂ 50කට ආසන්න තරුණ තරුණියන් ඉලක්ක කර නව වැඩසටහන් දියත් කිරීම හරහා පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට කටයුතු කිරීම වඩා යෝග්‍ය වේ.

    ලක්ෂ 17කට වැඩි රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් හට උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ නිවසේ සිට රාජකාරි කිරීමට ලැබෙන දිනවල දී නිවසේ වගා කටයුතු සිදු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දිය යුතුව ඇත.
    නිවස අවට භූමියේ තම පරිභෝජනය සදහා වගා කටයුතු සිදු කිරීමට පහසුකම් සැළසීම හා තමන් විසින්ම වගා කර ආහාර ද්‍රව්‍ය සකස් කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් දියත් කිරීම කාලෝචිතයි. එය ක්‍රියාවට නැංවීම සදහා රාජ්‍ය ආයතන අතර යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

    මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ උපදේශක ආචර්ය රවීන්ද්‍ර සමරවික්‍රම, සම්බන්ධීකරණ ලේකම් රොනී ඊබ්‍රාහිම් යන මහත්වරුන්, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුළ ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් සිරිපත් ද සිල්වා, වෘත්තීය මාර්ගෝපදේශ අංශයේ අධ්‍යක්ෂ සිතාරා ජයසේන, මානව සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂිකා බී.එච්.සී. ශිරෝමාලි, සැලසුම් අංශයේ අධ්‍යක්ෂ සුමිත් පෙරේරා, මහජන රැකියා සේවා අංශයේ අධ්‍යක්ෂ සිසිර කුමාර යන නිළධාරී මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya