මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒරෝෆ්ලෝට් ගුවන් යානය සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා නීතිපතිවරයාගෙන් අධිකරණයට වෙනම පෙත්සමක්

    ජූනි 05, 2022

     රුසියානු ඒරෝෆ්ලෝට් ගුවන් යානය සම්බන්ධව උද්ගතව ඇති තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා නීතිපතිවරයා විසින් අධිකරණයට වෙනම පෙත්සමක් හෙට (06) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    කටුනායක ගුවන් තොටුපළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්වීමට නියමිතව තිබූ රුසියානු ඒරෝෆ්ලෝට් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත පසුගිය දා ගුවන්තොටුපොළේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සිද්ධිය සම්බන්ධව අද (05) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

    මෙය රජයට විරුද්ධව පවතින නඩුවක් නොව, පෞද්ගලික සමාගම් දෙකක් අතර පැවති වාණිජ ගිවිසුම කඩවීමක් පිළිබඳව ඉදිරි පත් කරන නඩුවක් බවත් හෙතෙම පවසන ලදුව මෙය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් හෝ රටවල් දෙක අතර තිබෙන ගැටළුවක් නොව, වාණිජ අධිකරණයකින් දෙපාර්ශ්වයක් වෙනුවෙන් දෙනුලබන තීන්දුවක් ය යන්න පිළිබඳව රුසියානු තානාපතිවරයාට අවස්ථා තුනක දී ම විස්තර කර දුන් බවත් මෙහි දී සඳහන් කළේය.

     

    මෙම නඩුව සම්බන්ධයෙන් පැහැදිලි කළ අමාත්‍යවරයා , කොළඹ වානිජ අධිකරණයේ 126/2022 දරණ MR නඩුව, අයර්ලන්ත සමාගමක් වන පැමිණිලිකාර පාර්ශ්වය වන සොලෙස්ටියල් එවියේෂන් ට්‍රේඩින්ග් පුද්ගලික සමාගම විසින් පළමු විත්තිකරු වන රුසියානු "එරෝෆ්ලෝට් "මහජන එ්කාබද්ධ කොටස් සමාගමට සහ දෙවැනි විත්තිකරු ලෙස කටුනායක ශ්‍රී ලංකා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ වැඩබලන ගුවන් නාවික ප්‍රධානි මහතාට එදිරිව වාණිජමය ආරවුලක් හා සබැඳි නඩුවක් ලෙස ගොනු කර ඇති බවයි.

    මෙහි පැමිණිල්ලෙන් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවට ගොඩබස්වා ඇති ගුවන් යානාව සොලෙස්ටියල් එවියේෂන් ට්‍රේඩින්ග් පුද්ගලික සමාගමට අයිති බව යැයි කී අමාත්‍යවරයා, එය කුලී පදනම මත රුසියානු එරෝෆ්ලෝට් සමාගමට ලබා දුන් බවත් එම ගුවන් යානාවට ලබා දිය යුතු වාර්ෂික බදු මුදල් නිසි ආකාරව තම සමාගමට නොගෙවා ඇති බව පවසන සොලෙස්ටියල් එවියේෂන් ට්‍රේඩින්ග් පුද්ගලික සමාගම මෙම ගුවන් යානාව අත් අඩංගුවට ගෙන එම මුදල තමන්ට අය කර දෙන ලෙස ඉල්ලමින් කොළඹ වානිජ අධ්කර්ණයේ නඩුවක් ගොනු කර ඇති බව කිවේය . මේ ඉල්ලීම සලකා බැලු ගරු සිවිල් අධිකරණය විසින් මෙම මස 02 වැනිදා මේ ගුවන් යානයට පියාසර කිරීමට ඉඩලබා නොදෙමින් ඊට වාරණ නියෝගයක් පනවා ඇති බව ද අමාත්‍යවරයා කීය.

    මේ තත්ත්වය පිළිබඳව රජයක් වශයෙන් රුසියන් තානාපතිවරයාට තුන් සැරයක් පැහැදිලි කර දුන් බව කී අමාත්‍යවරයා , මෙය රාජතාන්ත්‍රික හෝ රටවල් දෙකක් අතර තිබෙන ප්‍රශ්නයක් නොවන බවත් වාණිජ අධිකරණයකින් දෙපාර්ශවයක් වෙනුවෙන් දෙන ලද තීන්දුවක් බවත් එම අවස්ථාවේදී තානාපතිවරයට කරුණු පැහැදිලි කර බවද කීය .

     නමුත් මෙම තීන්දුව ලබා දුන් දුන්නාට පසුව වෙනස් තත්ත්වයක් ඇතිවූ බව පැවසු අමාත්‍යවරයා , මෙම ගුවන් යානයේ මගීන් 191ක් පමණ සිටි බවත් ඔවුන්ට ගමනාන්තය දක්වා යාමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවයකට පත්වු බවද කීය.

    ඒ වගේම එහි ප්‍රතිඵලයක් වශයෙන් එරෝෆ්ලෝට් ගුවන් යානා මෙරටට එවීම පිළිබඳ ගැටලුවක් ඇති වූ බව කී අමාත්‍යවරයා ,අපේ සංචාරක ව්‍යාපාරයට මෙය යම් ආකාරයකට බලපෑමක් වූ බවද කිවේය .

    මේ තත්ත්වය හේතුවෙන් රජයක් ලෙස උසාවියට ගොස් මේ තීන්දුව පිළිබඳව නීත්‍යානුකූලව කරුණු ඉදිරිපත් කර රටේ ජාතික ආර්ථිකයට සිදු වූ හානිය මෙන්ම මගී ජනතාවට සිදු වූ හානිය සහ මේ තීන්දුව පිළිබඳව නීතිමය කරුණු නැවතත් ඉදිරිපත් කර අගතියට පත්වූ පාර්ශවකරුවන්ට සහනය ලබා දීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා කීය .

     මෙය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග නීතිමය රාමුවක් තුළ ගැනීමට සූදානමක් ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා අපේ නීතිපතිවරයා සදුදා (06) උසාවියට වෙනම අයදුම්පතක් රැගෙන යන යන බවද කීවේය .

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya