මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෘහාශ්‍රිතව සිටින සුරතල් සතුන් එන්නත්කරණය කරන්න- අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා

    ජූනි 04, 2022

    ජලභීතිකා මානව එන්නත හිඟයෙන් ඇති වන ගැටලු නිරාකරණය කරගැනීමට ජලභීතිකාව වළක්වා ගැනීම සඳහා සතුන්ට ලබාදෙන එන්නතේ හිගයක් නොමැති බැවින් හැකි අයුරින් මෙම අවස්ථාවේ ගෘහාශ්‍රිතව සිටින සියලුම සුරතල් සතුන්ට ජලභීතිකා එන්නත ලබාදීම සුදුසු බව මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව සදහන් කළේ, ඊයේ (03) ජලභීතිකා එන්නත සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.

    ජලභීතිකාව යැයි සැක සහිත සතුන්ගෙන් ආරක්ෂා වන ලෙස ඉල්ලා සිටි වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි මහතා, එවැනි සතුන් සපාකෑමකින්, එම සතුන්ගේ සීරීමකින් හෝ එම සතුන්ගේ කෙළ අපගේ ශ්ලේෂ්මල පටල වල, එනම් ඇස් වල සහ තොල් ආදියෙහි රැදීමෙන් ජලභීතිකාව සෑදිය හැකි බවද වැඩිදුරටත් පැවසුවේය.

    මූලික වශයෙන් එවැනි අවස්ථා මගහරවාගත යුතු යැයිද, හැකි තරම් සුරතල් සතුන් එන්නත්කරණයට ලක්කළ යුතු අතරම ගෘහාශ්‍රිතව පැමිණෙන අනෙකුත් ක්ෂීරපායී සතුන් එනම් උගුඩුවන්, කලවැද්දන් වැනි සතුන්ගෙන් පවා ආරක්ෂා වී සිටීම වැදගත් බවද අවධාරණය කළේය.

    පසුගිය වකවානුව පුරාම ජලභීතිකාව වැළදී මිනිසුන් බහුතරයක් මරණයට පත්වූයේ කුඩා බලු පැටවුන් සපාකෑමෙන් බව සිහිපත් කළ වෛද්‍යවරයා, මෙම අවස්ථාවේ කුඩා බලු පැටවුන්ද එන්නත්කරණයට ලක් කළ යුතු බව කියා සිටියේය.

    මෙවැනි තත්ත්වයක් යටතේ වුවද සතෙකුගේ සපාකෑමකට ලක්ව වුවහොත් හෝ ජලභීතිකාව යැයි සැක සහිත සතෙකුට පුද්ගලයෙකු නිරාවරණය වුවහොත් වහාම සිදුවුණු තුවාලය සබන් දමා විනාඩි 05ක් 10ක් හෝ ඊටත් වැඩි කාලයක් හොදින් සේදීමෙන් මෙම ජලභීතිකා වෛරසය ශරීරගත වීම වළක්වාගත හැකි බව වෛද්‍ය කිත්සිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    එය අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවද එසේ සිදුකර වහාම රජයේ රෝහලකට ගොස් එන්නත්කරණය කරගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya