මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට - අධිකරණ අමාත්‍ය

    ජූනි 04, 2022

    21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එකඟතාවයන් රැසකට පැමිණ ඇති අතර පක්ෂ නායකයින් ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ආගමික නායකයින් සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කරන ලද යෝජනා ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

     

    21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (3) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති අතර සාකච්ඡාව අවසානයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය

    සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟ විය හැකි තත්වයකට මෙම කෙටුම්පත පත් වී ඇති බවත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ හැකි දැයි මාධ්‍යවේදියකු විමසූ පැනයට පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ එ් බව සාකච්ඡා කළ බවත් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවෙන් පසු සියලු තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරන බවයි.

    තවද අරගල භූමියේ තරුණයන්ගේ අදහස් මෙම යෝජනාවට ඇතුළත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා අරගල භූමියේ කණ්ඩායම් කිහිපයක් සමග තමා සාකච්ඡා කළ බවත් එම පිරිසට බලාපොරොත්තුවක් තබා ගත හැකි මූලික අදියර ලෙස මෙම අර්බුදකාරී අවස්ථාවේදී දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගීමෙන් අනතුරුව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යටතේ මීට වඩා තරුණයන්ට කාන්තාවන්ට වැඩි ප්‍රමුඛතාවය ලබා දෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ද පැවසීය.

    එසේම විධායක ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීම සඳහා නොව මෙහිදී උත්සහයක් දරා ඇත්තේ ජනමත විචාරණයකට නොගොස් කළ හැකි සංශෝධනයන් සිදු කිරීමට බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya