මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය කප්පාදු කරන කාලය අවම කරන්නැයි උපදෙස්

    අප්‍රේල් 03, 2022

    නියමිත පරිදි ඉන්ධන තොග ලැබෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින් විදුලිය කප්පාදු කරන කාලය අප්‍රේල් (03) සිට අවම කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (02) දින විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.

    විදුලිය කප්පාදු කරන කාලය ඉහළ යෑම හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය මුහුණ පා ඇති ගැටලු අවම කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දී තිබේ.

    ඒ අනුව (03) සිට විදුලිය කප්පාදුව අවම කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අග්‍රාමාත්‍යතුමාට විශ්වාසය පළ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya