මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටිනවා- අග්‍රාමාත්‍ය

    අප්‍රේල් 01, 2022

    ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් බව අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.

    එම සටහන මෙසේ ය.

    ''අපේ රට පෙර නුවූ විරූ දැඩි අභියෝගයකට මුහුණපා ඇති මේ අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස අගමැති කාර්යාලයේ සහ මගේ අමාත්‍යංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස දැනුම් දුන්නෙමි.
    අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද එම නිලධාරීන් සිය රාජකාරී උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බව කෘතවේදීව සිහිපත් කරමි.
    මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ අප රජයක් ලෙස ඉතා ම සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව අවධාරණය කරමි.
    බොහෝ දුෂ්කරතා මැද වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් අපට ඇත. මෙම අභියෝගය ද ඒ ආකාරයට ම ජය ගැනීම උදෙසා මාතෘභූමියේ නාමයෙන් සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගනිමු.''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya