මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියළි කහ, එනසාල් සහ කෘෂි රසායන තොගයක් නාවික හමුදා භාරයට

    මාර්තු 31, 2022

    නාවික හමුදාව විසින් ( මාර්තු 30) යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝග්‍රෑම් 1828 පමණ තොගයක්, එනසාල් කිලෝග්‍රෑම් 137ක පමණ තොගයක් සහ කෘෂි රසායන බෝතල් 134ක ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන ජාවාරම් කටයුතු ඇතුළු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව,උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් යාපනය කයිට්ස් දූපතේ අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර සෝදිසි මෙහයුමක් ක්‍රියාත්මක කරන ලදී.

    ඒ අනුව, එම සැකකටයුතු ඩිංගි යාත්‍රාව අල්ලප්පිඩ්ඩි වෙරළට රැ‍ගෙන විත් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 36ක් අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 1828 පමණ තොගයක්, පැකට් 137ක අසුරන ලද එනසාල් කිලෝග්‍රෑම් 137ක පමණ තොගයක් සහ කෘෂි රසායන මිලි ලීටර 500 සහ මිලි ලීටර 250 ප්‍රමාණයන්ගෙන් යුත් බෝතල් 134ක ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවකු (01) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

    මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරු වයස අවුරුදු 20ක් වන කයිට්ස් දූපතේ වෙන්පුරවිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගත් අතර, එම සැකකරු, වියලි කහ, එන්සාල්, කෘෂි රසායන සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya