මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරනවා-වෙළඳ අමාත්‍ය

    මාර්තු 31, 2022

    ඉන්දියානු ණය යෝජනා යටතේ රජය සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා (30) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවට විද්‍යාත්මක මෙන්ම තාර්කික විසඳුමක් සෙවිය යුතු බවද හෙතෙම කියා සිටී.

    පවතින ආර්ථික අර්බුදයට වත්මන් රජයට හෝ පසුගිය රජයට දොස් පැවරිය යුතු නැති බවත් , මෙය 1977 විවෘත ආර්ථිකය ආරම්භයේ සිටම ඇති වූ අර්බුදයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දේ. පසුගිය රජයට බොරතෙල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක් සහන මිලට ලබා ගැනීමට හැකිවූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආරම්භ වූ විදේශ විනිමය හිඟයකට අප මේ වන විට මුහුණ දී සිටින අතර එය කොවිඩ් 19 වසංගතය සමඟ තවත් දීර්ඝ වූ බවත් ඊට අමතරව රුසියානු යුක්රේන යුද්ධය ද එම තත්ත්වයට හේතු වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya