මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ජනාධිපති ක්‍රිඩා සම්මාන උළෙල- 2020” සඳහා අයැදුම්පත් කැඳවයි

    මාර්තු 31, 2022

    ජාතික හා ජාත්‍යන්තර ක්‍රිඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාජ්‍ය මට්ටමින් අගයනු පිණිස තරුණ හා ක්‍රිඩා කටයුතු අමාත්‍යංශය “ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල- 2020” පැවැත්වීමට සැලසුම් කොට ඇත.

    ඒ සඳහා අයැඳුම් කරන්නැ,යි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට හා ජනමාධ්‍යවලට ආරාධනා කරයි.


    සම්මාන ප්‍රදානය සඳහා තෝරා ගනු ලබන්නේ 2020.01.01. සිට 2020.12.31 දක්වා ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්වන්ය. මීට අමතරව ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ ජනසන්නිවේදන දායකත්වය අගයමින් ජනමාධ්‍යවලට ද සම්මාන ප්‍රදානය කෙරේ. ජනාධිපති ක්‍රීඩා රන් සම්මාන 34ක් ප්‍රදානය කිරීමට නියමිතය. අමාත්‍යාංශයේ වෙබ් අඩවියට www.moys.gov.lk පිවිසීමෙන් අයැදුම්පත සහ අදාළ සියලු විස්තර ලබා ගත හැක. අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2022 අප්‍රේල් 7. එදින ප.ව. 4.00ට හෝ ඊට පෙර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලෙන් හෝ සභාපති, ජනාධිපති ක්‍රීඩා සම්මාන, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය,අංක 09, පිලිෆ් ගුණර්ධන මාවත, කොළඹ 07 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගෙනවිත් භාරදීමට පිළිවන.

    වැඩිදුර තොරතුරු සඳහා කේ.ඩී.එන්.එම්. දේශප්‍රිය මහතා, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) 076
    8347376 / 0112680276 අමතන්න.

     

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya