මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ ප්‍රගතිය 46% යි - 2023 ජූලි වන විට ඉදිකිරීම් අවසන් කිරීමට වැඩ කඩිනම් කරන්න - මහාමාර්ග අමාත්‍ය

    මාර්තු 28, 2022

     කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ ප්‍රගතිය 46% යි - 2023 ජූලි වන විට ඉදිකිරීම් අවසන් කිරීමට වැඩ කඩිනම් කරන්න - මහාමාර්ග අමාත්‍ය

     

    කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත ඉදිකෙරන මෙම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු 2022-01-12 වන දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ Peter Szijiarto මහතාගේ ප්‍රධානත්වයෙන් කොහුවල මංසංධියේ දී ආරම්භ කෙරිණි.

    කොහුවල මංසන්දියේ සිට කොළඹ - හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ. ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහලින් නුගේගොඩ - කළුබෝවිල මාර්ගය වෙත ගමන් කල හැකිය. හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වේ. මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (Traffic signals) මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත. මේ මගීන් කොහුවල පවතින දැඩි මාර්ග තදබදය අවම කිරීමට අපේකෂිතය. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648වේ. මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිතය.

    එහි වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේදී අද වන විට 46% ක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලීන්ද රත්නායක මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ලබන වසරේ ජූලි මාසය වන වැඩ අවසන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර වැඩ කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya