මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුණාත්මක, නිර්මාණශීලි හා නුතනත්වයෙන් සන්නද්ධ වූ මානව ප්‍රාග්ධනයක් බිහිකිරීමේ ප්‍රමුඛ කාර්ය පැවරි ඇත්තේ විශ්වවිද්‍යාල පද්ධතියටයි - ජනමාධ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 31, 2021

    ගුණාත්මකවූත්, නිර්මාණශීලිවූත්, නුතනත්වයෙන් සන්නද්ධ වූ මානව ප්‍රාග්ධනයක් රටක ජාතියක ඉදිරිගමනට අවැසි අතර සාම්ප්‍රදායික මාධ්‍යකරුවාගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් තොරතුරු කළමනාකරණය කර ගැනීම වත්මන් මාධ්‍යකරුවාගේ වගකීමක් බවත් ඒ වගකීම ඉටුකිරීම පිළිබඳව රුහුණු විශ්වවිද්‍යාලය බෙහෙවින් අගය කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රුහුණු විශ්වවිද්‍යාලය හා ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව මෙහෙය වූ මාධ්‍ය පාඨමාලාවේ ඊයේ (30) සහතික පත්‍ර ප්‍රදානය උලෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි. රුහුණ
    විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයේ දී සහතික පත්‍ර 37ක් ප්‍රදානය කෙරිණ. විසිවන ශත වර්ෂයේ මුල් භාගයේ මුද්‍රිත මාධ්‍ය අත්පත් කරගෙන තිබූ මාධ්‍යයේ ප්‍රධාන භූමිකාව විසි වන ශතවර්ෂය අවසාන වනවිට ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය විසින් අත්පත් කර ගත් අතර 21 වන ශත වර්ෂය වන විට එම තත්ත්වය නව මාධ්‍ය හිමිකරගෙන ඇත.

    මාධ්‍යකරුවාගේ භූමිකාව වන්නේ ලෝකයේ තිබෙන වටිනාම භාණ්ඩය වන දත්ත හෙවත් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමයි. තොරතුරුවලින් ජනතාව සන්නද්ධ කිරීම හා එම වගකීම වෙනුවෙන් පෙනී සිටිම මාධ්‍යකරුවාගේ වගකීම යි. එමෙන්ම මාධ්‍යකරුවා නව මාධ්‍ය තුළ ආකල්ප මත පදනම් නොවී තොරතුරු මත පදනම්වීම වැදගත් බව අමාත්‍යවරයා තවදුරටත් පැවසිය.

    මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා හා තරුණ සේවා සභාවේ පලාත් අධ්‍යක්ෂ ජනක හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya