මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොවැම්බර් හා දෙසැම්බර් මාස වල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වෙලා -විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

    දෙසැම්බර් 31, 2021

    2021 වර්ෂයේ ඩෙංගු මරණ යම් අඩු වීමක් දක්නට ලැබුනත් ඉකුත් නොවැම්බර්- දෙසැම්බර් මාස දෙක තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය.


    සුදත් සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ නව වසරේ ඩෙංගු උවදුරෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපර්තමෙන්තුවේ අද(31) සංවිධානය කර තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    මේ වන විට දිස්ත්‍රික්ක 15ක පමණ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව හඳුනා ගෙන ඇත. ඉදිරියේදී ද ඩෙංගු අවදානම වැඩි වීමට ඉඩ තිබේ. නව වසරේ සාමාන්‍ය පරිදි කාර්යාල හා පාසල් විවෘත වීම නිසා සෑම ආයතනයකටම වාර්ෂික ඩෙංගු මර්දන සැලැස්මක් සකස් කළ යුතුය බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

    නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානම පවතී. ඉවතලන ද්‍රව්‍ය, වැහි පිහිළි, ටැංකි, ටයර්, වැසිකිලි පද්ධතී, ගස් බෙන, ගෘහස්ත ජල බඳුන් හා ඉදිකිරීම් පරිශ්‍ර ආදිය ඩෙංගු කීටයන් බෝවීමට උපකාරි වේ. මෙම තත්වය මැඬලීමට ගෘහස්ත පිරිසිදුභාවය වැදගත් වන නිසා දෛනික පුරුද්දක් ලෙස ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සොයා පිරිසිදු කිරීම හා මදුරු කීටයන් විනාශ කිරීම කළ යුතුය. නිසි ප්‍රමිතියට අනුව යෙදිය යුතු අනුමත කීට නාශක යොදා මදුරු කීට මර්දනය සිදු කිරීම කළ යුතුය.

    ශරීරයේ තද උණ, ඇඟපත වේදනාව, හිසරදය හා සෙම්ප්‍රතිශ්‍යාව මූලික ඩෙංගු රෝග ලක්ෂණ වේ. රෝගියාට විවේකය ලබා දීම, හොඳින් දියර වර්ග ලබා දීම, ශරීරයේ ජල ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම ඩෙංගු රක්තපාත හෝ කම්පන තත්ත්වයට පත්වීමෙන් වළක්වා ගැනීමට හැකිවන බව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක වෙමින් ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළාය.

    නොදන්නා අත්බෙහෙත් පාවිච්චියට නොයා ප්‍රතිකාර සඳහා රෝගියාට අවශ්‍ය සහයෝගය හා ප්‍රතිශක්තිය ලබාදීම තුලින් ඩෙංගු රෝගයෙන් ඇතිවන සංකුලතා හා මරණ අඩු කළ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya