මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලමූලාශ්‍ර පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට යෝජනාවක්

    දෙසැම්බර් 31, 2021

    ශ්‍රී ලංකාවේ ස්වාභාවික ජල මූලාශ්‍ර සංරක්ෂණය මගින් සුරකිමු ගංගා වැඩ සටහන සඳහා විශාල දායකත්වයක් ලබා ගත හැකිය. ඒ සඳහා ඉඩම් අමාත්‍යාංශය විසින් ජලමූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා පත් කර තිබෙන අන්තර් අමාත්‍යාංශ කමිටුව නැවත සක්‍රිය කළ යුතු යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.


    එම කමිටුව පත් කර ඇතත් විදිමත් පරිදි එම කමිටුව ක්‍රියාත්මක වන්නේ නැත. එමනිසා එම කමිටුව යළි සක්‍රිය කිරීම මගින් ජල මූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා විශාල වැඩ කොටසක් කළ හැකි බව ද ලේකම්වරයා අවධාරණය කළේය.

    සුරකිමු ගංගා වැඩ සටහනේ ජාතික කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පළ කළේය. මෙම කමිටුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් (28) මධ්‍යම පරිසර අධිකාරියේ දී රැස් විය.

    වාරිමාර්ග අමාත්‍යාංශය මගින් සිදු කර ඇති සංගණනයකට අනුව දිවයිනේ ස්වාභාවික ජල උල්පත් 3540ක් හදුනාගෙන තිබේ. ඒ අතර නුවරඑළිය 1544ක්, මහනුවර 204ක්, කුරුණෑගල 319ක්, මොනරාගල 210ක්, මාතලේ 208ක් ද වශයෙන් වැඩිපුරම ජල උල්පත් සහිත ප්‍රදේශ වේ.

    එමෙන්ම අප රටේ වැව් 14,000ක් පමණ ඇති අතර ඉන් බහුතරයක් වියලි කලාපය තුළ පිහිටා ඇත. අප රටේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පානීය ජලය සඳහා අවශ්‍ය ජලය ලබා ගනු ලබන්නේ මෙම ජල පෝෂක ප්‍රදේශ ඇසුරිනි. එමනිසා මෙම ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම සඳහා අන්තර් අමාත්‍යාංශ කමිටුව මගින් සහයෝගය ලබාගැනීම මත සියයට 100ක සාර්ථකත්වයට එය හේතුවක් වන බව ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම අන්තර් අමාත්‍යාංශ කමිටුවට ප්‍රධාන අමාත්‍යාංශය ඇතුළු ආයතන 23ක් ඇතුළත් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya