මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැලණිය සමෘද්ධි පවුල් 05 කට සෞභාග්‍යා නිවාස

    දෙසැම්බර් 31, 2021

    ආර්ථික අග හිඟකම් මැද ජීවිතය ජය ගැනීමට වෙර දරණ සමෘද්ධිලාභී පවුල්වල නිවාස සිහිනය සැබෑ කිරීම උදෙසා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සෞභාග්‍යා නිවාස ව්‍යාපෘතිය යටතේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදි කරන ලද නිවාස 05 ක් විවෘත කිරීම කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) දින සිදු කෙරිණ.

    කැලණිය සංවර්ධන කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ විශේෂ ඉල්ලීම මත මෙම සමෘද්ධිලාභී පවුල් සඳහා නිවාස ඉදි කරලීමට රුපියල් ලක්ෂ 02 බැගින් වූ මූල්‍යාධාර පිරිනැමීම සිදු කර තිබෙන අතර
    ප්‍රජා දායකත්වය සහ ප්‍රදේශවාසී ධන පරිත්‍යාග මත මෙම නිවාස අංග සම්පූර්ණ නිවාස බවට පත් කරලීමට පූර්ණ අධීක්ෂණය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කර තිබේ.

    ඒ අනුව කැලණිය, පට්ටිය නැගෙනහිර වසමේ ගුරුකුල පටුමගේ නූර් හමීන් මහතාගේ නිවස, සිංහාරමුල්ල ප්‍රදේශයේ ඉදි කළ එම්.ඒ. නිලන්ති මහත්මියගේ නිවස මෙන්ම හුණුපිටිය හරිස්චන්ද්‍ර මාවතේ
    අනූෂා ශ්‍යාමලී මහත්මියගේ නිවස විවෘත කිරීම සිදු වූ අතරම ඊරියවැටිය ප්‍රදේශයේ ඉන්ද්‍රා දර්ශනී මහත්මියගේ නිවස සහ එගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ ඉදි කළ සමන්ත කුමාරසිරි මහතාට අයත් නිවසද විවෘත කිරීම සිදු කෙරිණ.

    එම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ශාන්ති කුමුදුනී මෙනවිය ඇතුළු මන්ත්‍රීවරුන්, රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් තුෂාර සෙනරත්, කැලණිය සමෘද්ධි මූලස්ථාන කළමනාකාරිනි කේ. පද්මා, සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර රුවන් සුරංජිත් යන මහත්ම මහත්මීන් ඇතුළු ජනතා නියෝජිතයින්, ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya