මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් 2500 කට නොමිලේ NVQ සහතික

    නොවැම්බර් 16, 2021

    විදෙස් සිට මෙරටට පැමිණ නැවත විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් 2500 කට නොමිලේ NVQ සහතික ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ - වෘත්තීය හා තෘතිය අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ජානක ජයලත්

    විදෙස් සිට මෙරටට පැමිණ නැවත විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් 2500 කට නොමිලේ NVQ සහතික ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බවත්, විදෙස් සිට මෙරටට පැමිණ නැවත විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් හට මෙම අවස්ථාව හිමි වන බවත්, ඕනෑම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකින් මේ සඳහා අයදුම් කළ හැකි බවත් වෘත්තීය හා තෘතිය අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ජානක ජයලත් මහතා ප්‍රකාශ කර සිටී.

    විදෙස් රටවල සේවය කර මෙරටට පැමිණි ශ්‍රමිකයින් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා දීම පිළබඳව මාධ්‍ය දැනුවත් කිරීමට අද (16) කොළඹ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.

    ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලංකාවේ අනිකුත් අධ්‍යාපන ආයතන මඟින් ලබා දෙන සහතික හා සසඳා බැලීමේ දී වෙනසක් තිබෙන බවත්, එහි නිපුණතාවය කුමක් ද යන්න සඳහන්ව තිබෙන බවත්, නිපුණතාවය සම්මතයට අනුව සහතික කරනු ලබන හෙයින් ළමුන් අතර තරඟකාරිත්වය ඇති නොවන බවත්, මෙම සහතිකය මඟින් අසමත් ය යන සංකල්පය ඉවත් කොට තිබෙන බවත්, මෙම දිනවල මෙරට තිබෙන වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ න්‍යායාත්මක දැනුම ලබා දීමට ආයතන කටයුතු කරමින් සිටින බවත්, ඒ මහතා කියා සිටියේය.

    මෙම සහතිකය පිළිගැනීමට ලක් කිරීම සඳහා බොහෝ රටවල හා සාකච්ඡා කොට සම්මුතියකට පැමිණ ඇති බවත්, විදෙස් ගත සංක්‍රමණිකයින් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර එම පුද්ගලයින්ට ලෝක කම්කරු සංවිධානයත් සමඟ කරන ලද සම්මුතිය හරහා මෙලෙස 2500 දෙනකුට නොමිලේ NVQ ලබා ගැනීමේ හැකියාවක් තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    මෙම මාධ්‍ය හමුවට වෘත්තීය හා තෘතිය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු උදේනි වික්‍රමසිංහ, එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. ඒ ලලිතධීර, අධ්‍යක්ෂ අජිත් පොල්වත්ත, අධ්‍යක්ෂ මංජුල විදානපතිරණ යන මහත්වරු මේ සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya