මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැවිලි ක්ෂේත්‍ර සඳහා ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්- වැවිලි කර්මාන්ත අමාත්‍ය

    නොවැම්බර් 16, 2021

    වැවිලි ක්ෂේත්‍ර සඳහා ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් ලැබී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම 2021 වර්ෂයේ වැවිලි ක්ෂේත්‍රයෙන් වාර්තා වන බවත් රබර් පොල්, සහ කුරුඳු ආදායම ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කර ඇතැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා,ඉදිරි වසර කිහිපයේදීද ඒම ආයෝජනය කරන මුදලට සරිලන විශාල මුදලක් වැවිලි ක්ෂේත්‍රයෙන් උපයාගත හැකි වන ඇතැයි අපේක්ෂා කරන බව සදහන් කළේය.

    අද පැවති විසර්ජන පනත් දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    "අපහසු කාලසීමවා තුළ කැපකිරීමේ ආදර්ශය ජනධිපතිවරයා ලබා දී තිබෙනවා. එතුමාගේ කාර්යාල වියදම් රුපියල් බිලියන 03කින් අඩු කර තිබෙනවා. විදෙස් සංචාර, නිල නිවාස, නිල වාහන ආදිය කිසිවක් නොගනිමින් හදිසියේ යන විදේශ සංචාර පවා අඩු වියදමින් සිදු කර තිබෙනවා. මැති ඇමතිවරුද එම ආදර්ශය අනුව යමින් කටයුතු කරනවා. රටේ ජනතාව ගත කරන අපහසු කාලසීමා ගැන මැති ඇමතිවරුන්ට මනා අවබොධයක් තිබෙනවා.

    ඉතිහාසයේ අපහසු මොහොතක මෙවන් සමබර අයවැය ලේඛනයක් ඉදිරිපත් කරමින් රටට නැවත ආර්ථික පුනර්ජවය ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කරන බවද වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.

    අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම ආයෝජනය මෙවර සිදු කර ඇති බවත් ගුරු විදුහල්පති ගැටළුව විසඳිමට පමණක් රුපියල් බිලියන 30ක මුදලක් වෙන් කර ඇති බවයි.මීට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබේ. මෙවර විශ්ව විද්‍යාල සඳහා ගන්නා පිරිස 1000කින් වැඩි කළ බවත් විශ්ව විද්‍යාල වලට බඳවාගන්නා වෛද්‍ය සිසුන් 600ක් වැඩිපුර සහ තවත් විශ්ව විද්‍යාල සිසුන්,බඳවා ගැනීමට, ගුරු විශ්ව විද්‍යාල, හෙද පාඨමාල ඇති කිරීමට අයවැය යෝජනා ඉදිරිපත් කර තිබේ.

    අධ්‍යාපනය වෙනුවෙන් මෑත ඉතිහාසයෙ වැඩිම ආයෝජනය සිදු කර ඇත්තේ මෙවර අයවැයෙනි.ගැඹිණි මාතාවන්ට මාස 10ක් දක්වා ලබා දුන් පෝෂණ මල්ල මාස 24 දක්වා වැඩි කර දීමට මුදල් අමාත්‍යවරයා යෝජනා කර ඇති බවත් ජනතාවගේ දුක් කඳුළු පිසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජයක් වශයෙන් ගන්නා බවද කීය.

    දීර්ග කාලයක් තිස්සේ ගොඩ නැගුණු වෙළඳ ශේෂය මෙම ආර්ථික අර්බුධය වැඩි වශයෙන් දැනීමට හේතු වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ රටේ වෙළඳ ශේෂය අඩු කිරීමට විවිධ රජයන් ක්‍රියාමාර්ග ගත්තද වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආනයන වියදම ඩොලර් බිලියන 16 දක්වා අඩු කර ගැනීමට 2019 වසරේ හැකි වූ බවද කීය. අවස්ථා ගණනක රට වසා තැබියදී වුවද බොහෝ පුද්ගලයින් , කම්කරුවන් වැඩකළ බවත් ඒවෙනුවෙන් ස්තුතිවන්ත වන බවද කීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya