මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළවළු ආනයනයට රජයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    නොවැම්බර් 16, 2021

    එළවළු ආනයනයට රජයේ කිසිම බලාපොරොත්තුවක් නැතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක,වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    මෙම දිනවල පවතින ඉතා අයහපත් කාළගුණය හේතුවෙන් අස්වනු හානි වීමක් සිදුව ඇතැයි ද, එළවළු නිෂ්පාදනයට ඒ හා සම්බන්ධව වෙනත් කරුණු කාරණා බලපාන්නේ නම් එම ගැටලු වලට විසදුම් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම කරුණු වලදී රජය නම්න්‍යශීලීව කටයුතු කරන බව සදහන් කිරීමට අවශ්‍ය යැයි කී අමාත්‍යවරයා,එළවළු ආනයනය කිරීම පිළිබදව කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර, විශාල විදේශ විනිමය අර්බුදයක් පවතින බැවින් හැකි තරම් ආනයන සීමා කර දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya