මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට ඉදිරිපත් කළ අයවැය ලේඛනයක් - අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 16, 2021

    තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමට අයවැය ලේඛනය ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    අද පැවති අය වැය විවාදයට එක්වෙමින අමාත්‍යවරයා මේ සඳහන් කළේය.

    මෙවර අයවැය අභියෝගාත්මක අයවැයක් වූ බවත් ලෝකය පුරා ව්‍යාප්ත වූ වංසගතය හේතුවෙන් යම් යම් තීන්දු තීරණ ගැනීමට රජයට සිදු වූ බව ආමත්‍යවරයා සඳහන් කළේය.

    දේශීය වශයෙන් මෙරටට ආදායම් ලැබෙන මාර්ග සියල්ල සුරාබදු,රේගුව වැනි ආයතනවල අදායම අවම වී ඇති බවත් , විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරය මගින් ලැබෙන මුදල් කඩා වැටී බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වසංගතය හේතුවෙන් රට කඩා වැටුණද පාලනය කර ගතහැකි ක්ෂේත්‍ර කිහිපයක් පවතින බවත් වංසගතය මධ්‍යයේ වුවද අපනයන ආදායම් වැඩි වී ඇති බවත් වසංගතය මධ්‍යයේ විවිධ අභියෝග හමුවේ වුවද සංචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අභියෝග මධ්‍යයේ වුවද ගුරු ගැටළුව විසඳීමට විශාල මුදල් ප්‍රමාණයක් රජය වැය කරන බවත් නිදහස් අධ්‍යාපනය තුළින් සාමාන්‍ය ජනතාව දුගී දුප්පත් බවින් මුදවාගෙන තිරසාර සංවර්ධනය කෙරෙහි ඔවුන් දායක කර ගැනීම රජයේ බලාපොරොත්තුව බවද කීය.

    රාජ්‍ය සේවය යාවත්කාලීන කර ශිල්පීය ඥානය ඔවුන්ට ලබා දිය යුතු බවත් රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම මඟින් දූෂණ අවම කරගනිමින්, මිනිසුන්ට බය නොමැතිව, රස්තියාදු නොමැතිව තම කටයුතු සිදු කර ගැනීමට හැකියාව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම අභියෝගාත්මක කාලයේ සෑම කෙනෙකුටම විවිධ අපහසුතා ඇතිවුවද ඒවැනි අවස්ථාවක යම් යම් කැපකිරීම් සිදු කරමින් කටයුතු කරන මෙන් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya