මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - බංග්ලාදේශ විදේශ අමාත්‍ය හමුවක්

    නොවැම්බර් 16, 2021

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා (15) දින ඩකා හි පිහිටි පද්මා රාජ්‍ය නිවාඩු නිකේතනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මහතා හමුවිය.

    දිවංගත බංගබන්ධු මහතාගේ 100 වැනි ජන්ම දින අනුස්මරණ සැමරුම සහ බංග්ලාදේශයේ නිදහස් සැමරුම් උත්සවයේ ස්වර්ණ ජයන්තිය ඒකාබද්ධව සැමරීම සඳහා 2021 වර්ෂයේ මාර්තු මාසයේ දී බංග්ලාදේශයට සපැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංචාරය පිළිබඳව සිහිපත් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, එහිදී පවත්වන ලද සාකච්ඡා ඉතා ඵලදායී වූ බවත් අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ සියලුම අංග අගය කළ බවත් සඳහන් කළේය.

    ජාත්‍යන්තර සංසදවලදී විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සිලය තුළ සහ බංග්ලාදේශයේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා වන හිටපු විදේශ අමාත්‍යවරයා සභාපතිත්වය දැරූ පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායම (CMAG) තුළ දී ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා සිය උණුසුම් කෘතඥතාව පළ කළේ ය.

    වාණිජ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරට අතර පවත්නා ක්‍රියාකාරී සබඳතාව පිළිබඳව මෙන්ම කලාපය තුළ බංග්ලාදේශයට ශ්‍රී ලංකාව වෙතින් ලැබෙන ආයෝජනය ඇ.ඩො. බිලියන 2.5ක් පමණ වන බව අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කළහ. ශ්‍රී ලාංකික සමාගම් 110ක් පමණ බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වන අතර විශේෂයෙන්ම රක්ෂණ, බැංකු සහ බලශක්ති ක්ෂේත්‍ර වැනි සේවා අංශවල විශිෂ්ටත්වය එතුළින් පෙන්නුම් කෙරේ. කෙසේ වුවද දැනට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මට්ටමේ පවතින වෙළඳ පරිමාව වැඩි දියුණු කර ගැනීම සඳහා වන අවස්ථා ද පවතී.

    ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ වරණීය වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට උනන්දු වන අතර ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඉදිරියට යාම පිළිබඳව සිය සතුට පළ කළේය.

    ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් වන බැවින් නාවික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා විශේෂ උනන්දුවක් මෙහිදී පළ වූ අතර බංග්ලාදේශයේ චිතගොං හි පිහිටි වරායන් සහ ශ්‍රී ලංකාවේ කොළඹ සහ හම්බන්තොට පිහිටි වරායන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අමාත්‍යවරු සිය කැමැත්ත පළ කළහ.

    ශ්‍රී ලංකාව විශේෂයෙන්ම පෝෂක සේවා සහ වෙරළබඩ නැව්ගත කිරීමේ කටයුතු පිළිබඳව අවධාරණය කරයි. කාලය ඉතුරු වීම සහ නාවික සැතපුම් ප්‍රමාණය අවම වීම හේතුවෙන් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීම බංග්ලාදේශයට ප්‍රයෝජනවත් වනු ඇත.

    චිතගොං නගරය වෛද්‍ය සිසුන් අතර ජනප්‍රිය වීමත් සමඟම ශ්‍රී ලාංකික සිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් බංග්ලාදේශයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බව විදේශ අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල බංග්ලාදේශයේ හෙද හෙදියන් පුහුණු කිරීම සඳහා සහය වීමට ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් ඉදිරිපත් වී ඇත.

    සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ගත් කල කොළඹ සහ ඩකා අතර පවත්නා සෘජු සම්බන්ධතාවය වාසිදායක වේ. කොළඹ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික බංග්ලාදේශ ගුවන් සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ අමාත්‍යවරයා සිය උනන්දුව දන්වා සිටියේ ය.

    සමුද්‍ර සම්පත් සංරක්ෂණය සහ ආරක්ෂක මානයන් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින්, ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) රාමුව තුළ දෙරට අතර පවත්නා සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්‍යවරු දෙදෙනා සවිස්තරාත්මකව සාකච්ඡා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya