මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි සතියේ පාසැල්වල අනිකුත් ශ්‍රේණි ආරම්භ කරනවා - අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 15, 2021

    දැනට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ඉතිරිව පවතින ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සතියේදී ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.

     

     

    2021.11.15 දින අය වැය විවාදයට සහභාගි වෙමින් සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ කතාව  

     

    “ගරු කථානායකතුමනි, 2022 අයවැය ලේඛණය ගරු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇමති තුමාගේ පලමු අයවැය කතාව ලෙස එහි 2022 වර්ෂයට අපේ රටේ ආර්ථීක හා කළමණාකරනය හා සංවර්ධන ක්‍රියාදාමයත් ඒ වාගේම සරල ක්‍රියාමාර්ග තුළින් රටේ නිෂ්පාදන වැඩි කිරීම සඳහා ගත්තාවූ එඩිතර පියවරවලට මම පළමු කොට සුභ පතන්න කැමතියි.

    ලෝක ආර්ථීකය ඉතාමත් ආමාරුවෙන් ඔළුව ඔසවන කාලයක් ලෙස 2022 ගතකරන බව ඔවුන්ගේම සංඛ්‍යා ලේඛණ ප්‍රකාශ කරන පසුබිමක සිට මුදල් ඇමතිතුමා උට්ඨාන වීර්යයෙන් උට්ඨාන අයවැයක් රටට ලබා දීලා තිබෙනවා. දැවැන්ත උත්සහයකින් අපේ රටට හිස ඔසවන්න පුළුවන් මාර්ගය ඉතා පැහැඳිලිව මෙයින් පෙන්නුම් කරනවා.

    මට පෙර කතා කරපු විපක්ෂයේ සංවිධායකතුමා, ප්‍රකාශ කලා යම් යම් අඩුපාඩුකම් එතුමා කියලා තියෙනවා කියලා. අඩුපාඩුකම් නෙවෙයි. ඉතා පැහැදිලිව යථාර්ථය, බලන්න. යම් යම් අංශවල දීර්ඝ කාලයක්, වර්ෂයක් නෙවෙයි දශක දෙක තුනක් තිස්සේ ඇදි එන නාස්තිකාර ක්‍රියාමාර්ග ගැන මුදල් ඇමතිතුමා අවංකව ප්‍රකාශයක් පාර්ලිමේන්තුව හා රටට කරලා තිබෙනවා. ඒවා නිවැරදි කියලා හිතෙයි. ඔබතුමාලා කැමති උනත් නැති උනත් ඒවා නිවැරදි කළ යුතුය. ඒ නිවැරදි කිරීමට ගත හැකි පියවරවල් ගැන එතුමා යෝජනා කරනවා

    I just want to mention. Sir, I’ll quote from hon Kiriella’s favorable institution the IMS. October 2021, the global economy is projected to grow by 5.9% in 2021 and 4. 9 in 2022, the word out put 2020 -3.2 ,2021 5.9%, 2022 4.9%, from advance countries right down the figures are given. it is expected in asia that there would be a growth. I would like to quote. I would like to get this in to hansard, Hon speaker

    මොකද මේ නිසා අපට තිබෙන අවස්ථාව වැඩි වෙනවා. ලෝක ආර්ථිකය පසුබැමකිින් හැරී හිස ඔසවන අවස්ථාවකදී අපේ ආර්ථීකයේ අපනයනයන්

     

    පදනම් කරගෙන තිබෙන තත්වයන් මත මේ අයවැය ලේඛණය මීට වඩා ගරු මුදල් ඇතිතුමා බලාපොරෝත්තු වෙන වර්ධනය 5.6%කට ගමන් කිරීමේ ඉලක්කයට යන්න පුළුවන් කම අපේ දැඩි විශ්වාසය හා කැපවීම විය යුතුය. ඒ නිසා මෙය ලංකාවට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒ බව මේ සංඛ්‍යා ලේඛණ ඔප්පු කරනවා.

    විරුද්ධ පක්ෂයෙන් කිව්වා අපිට මතකයි එතුමාලා රට භාර දෙන අවස්ථාවේ අපේ ජයග්‍රහණය කිව්වා එදා තිබුණු තත්වය 2019 අපට භාර දුන්නේ වර්ධනය 2%ක, 2.2% වැටුණු කඩා දමන ලද ආර්ථීකයක් යහපාලනයක් තිබුණේ නෑ. යහපාලනය කඩා වැටිලා යම පාලනයක් වෙලා තිබුණා.

    ඔබතුමාට අපට මතකයි අකමැත්තෙන් හෝ කණගාටුයි අපේ රටේ පාස්කු දිනයේ මහා විනාශය වන විට එම තොරතුරු දැනගෙන කටයුතු නොකිරීම පිළිබද වගකිව යුත්තන් කවුද කියන එක වීදුරු කාමරයේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ලක්ෂ්මන් කිරිඇල්ල අමතිතුමාට බලන්න කියනවා

    ඒ මහා විනාශයට කවුරුත් නෙමෙයි, මුළු රටක් මුහුණ දුන්නා. ඒ කඩා වැටීමට. අද අපිට කියනවා යහ පාලනයක් තිබුණා කියලා. එතනින් පස්සේ ආර්ථිකය තවත් හෙල්ලිලා වැටෙන්න පටන් ගත්තා. සංචාරකයන්ගේ පැමිණීම අර්බුදයකට පත් වුණා, හිටපු අගමැතිතුමා ඉන්නවා. එතුමාලා උත්සාහ දරලා යළිත් පණ ගන්නවන්නට පුළුවන්කම ඇති වුණා. නමුත් මෙයින් ඇති වෙච්ච දැවැන්ත පසුබෑම, සෙලවීම අපි අමතක කළ යුතු නැහැ. 2009 අපිට භාර දුන්නේ ඒ කඩා වැටිච්ච රට. 2020 ගරු කථානායකතුමනි, කෝවිඩ් ආවා. ලෝකයේ අනිත් රටවල් වගේම ඒ සියලු ආකාරයෙන් අපේ ආණ්ඩුව ගමන් කර තිබෙන්නේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අපේ ජන වරම, තුළින් කටයුතු කිරීමේ හැකියාව අපි ඇති කළා. 2021 කෝවිඩ් තවමත් බාධා ඇති කරනවා අදත්. මේ කිසිවෙකුට කියන්න පුළුවන්ද මම කියවපු සංඛ්‍යා ලේඛන අනුව ලෝක ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා කියලා, නෑ. එක්සත් ජනපදය ඇමරිකාවේ සුමාන දෙකක් නෑ, කොන්ග්‍රස් මණ්ඩලයට ගිහිල්ලා තමන්ගේ ණය සීමාවල් වැඩි කරන්න අවසර ගත්තා. මොකටද? ලෝකය පෝසත්ම රට කියන එක්සත් ජනපද ඇමරිකාව, මේ ගොල්ලන් කතා කරනවා ඒ ගොල්ලන්ට පුළුවන්ලු සල්ලි අරන් එන්න. මේ විහිලු කතා ගිය සතියෙත් ලෝක බැංකු ආවා. අපි සාකච්ඡා කළා. ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරන්න කිසිම මැලිකමක් අපට නෑ. යම් යම් අංශවලට ආධාර අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න ඒ අයගේ සහයෝගය අපිට ලබා දීලා ජනාධිපතිතුමාත් හම්බවෙලා ගියා. ඒ නිසා නැති ප්‍රශ්න කෙරෙහි

     

     

    විශ්වාසය තබන්නේ ඇයි ගරු කථානායකතුමනි? රට කඩා වැටෙන්න දීලා ඒ ගොල්ලන්ට ආණ්ඩුවක් ලැබෙයි කියලා හිතන් ඉන්නවා. මොකක්ද 2020 දී කිව්වේ? මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ආණ්ඩුවට කොවිඩ් ප්‍රශ්නයට කාගෙවත් සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. මේ විපක්ෂයමයි. ආණ්ඩුවට කොවිඩ් ප්‍රශ්නය කළමණාකරණය කර ගන්න බැරි වෙනවයි කියලා. මහා විනාශයක් වෙනවා කියලා. එය ජය ගත්තේ නැද්ද අපි? එය කළමණාකරණය කර ගන්න පුළුවන් වුණේ නැද්ද? ඒ පුළුවන් වීම නිසා ආර්ථිකය යළි පණගැන්වීම ආරම්භ වෙලා නැද්ද?

    ඒ නිසා කලින් කලට විපක්ෂය තමන්ට තෝරා ගත්තා වූ මිත්‍යාවන් පස්සේ ආණ්ඩුව කඩා වැටෙනවයි කියන එක පෙන්වමින් ජීවත් වෙන්න තමයි දේශපාලන වශයෙන් උත්සාහ දරන්නේ. රටට ජනතාවට තිබෙන ආදරයක් ගැන මම හිතන්නෙ නෑ මේ අය ජාතික වශයෙන් කල්පනා කරනවයි කියලා. ඒ නිසා අධිෂ්ඨානයෙන් යුතුව 2021 හරහා ගමන් කරන්න. ගරු කථානායකතුමනි, කුඩා දරුවන්, කිරි දෙන මව්වරු, වැඩිහිටයන් ඇතුළු සමාජයක් විසින් රැකබලා ගත යුතු සියලු කොටස් වෙත පූර්ණ අවධානය යොමු කරන ලද අයවැයක් මේක. අභියෝගාත්මක කාල පරිච්ඡේදයක වුණත් මේ කටයුත්ත ඉෂ්ඨ කර තිබෙනවා. ඒ වගේම රටේ විවිධ ක්‍රියාකාරී ආර්ථික බලවේගයන් එකවර කිසි කලෙකටත් වඩා වැඩි වටිනාකමක් ගෙන දෙන ප්‍රතිපාදන අයවැය ලේඛනයෙන් වෙන්කරලා තිබෙනවා. ඒවාගේම තමයි බල ශක්ති සමීකරණය. රටේ ආර්ථික ක්‍රියාවලියට සහනයක් දෙන නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන ඒ සදහා අඛණ්ඩ සැපයුමක් ලබාගත හැකි බල ශක්ති ආරෝපණයක් අවශ්‍යයි. ඒ අතරම පරිසර හිතකාමි සූර්ය ශක්තිය, සුළං බලය, අළුත් ජල විදුලිය ආදී ප්‍රභවයන් කෙරෙහි ස්වභාවධර්මයාගේ දායාද ඇති රටක් හැටියට මෑතකාලයේත් පුළුල්තම ආයෝජනයක් ඇති අයවැයක් බවට පත් කරලා තිබෙනවා.

    ඒ විතරක් නොවෙයි ශ්‍රී ලංකාවේ පුරා ඇති ග්‍රාම සේවක වසම් 14,500 ක, උතුරු කරයේ පේදුරු තුඩුවේ ඉදලා දකුණුකරයේ දෙවුන්දර තුඩුවට හැම ග්‍රාම සේවක කොටසකටම එකම ප්‍රමාණය වගේ කවුරු දින්නත් පළාත් පාලන කොට්ඨාශවල, කවුරු පැරදිලා හිටියත් මන්ත්‍රිවරු අඩුවෙන් පත්වෙලා ඉන්නවා නම් විරුද්ධ පක්ෂයේ දිනපු අයටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියල්ලටත් එකම ප්‍රමාණයේ සෘජු ප්‍රදානයන් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන අයවැයක් බවට පත් කරලා තිබෙනවා. මෙවැනි යෝධ පියවරක් ගැනීම මම හිතන්නේ මුදල් ඇමතිතුමාට ස්තූති වන්ත වෙනවා. කෙලින්ම ගමට, මේ ශක්තිය ජාතික

     

    නිෂ්පාදනය වැඩි කරන්න, ජීවනෝපාය මාර්ග වැඩිකරන්න, විවිධ කටයුතු සඳහා එදිනෙදා මහජනයාගේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් අයවැයක් බවට පත් කරලා තිබෙනවා. ඉතිං විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමෙක් නැගිටලා කියනවා නම්, ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා රට, ආණ්ඩුව, මම දන්නෙ නෑ තමන්ගේ විරුද්ධ පක්ෂය අපට ඒ කාලේ මෙහෙම සැලකුවේ නැහැ. ගරු කථානායකතුමනි, අද රටේ හැම කොට්ඨාශයකටම රටේ හැම ජන කොට්ඨාශයකටම ඒ වගේම සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්පූර්ණ ලෙස ආවරණය වෙන පරිදි දැවැන්ත ආයෝජනයක් කරලා තිබෙනවා.

    අපේ රටේ විශාලතම ජයග්‍රහණය කෘෂිකර්මය වගේම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය තමයි අපේ රටට තිබෙන ලොකුම ජයග්‍රහණයන්. ඒවා කිසිවක් අඩු කරලා නැහැ. කිසිම ක්ෂේත්‍රයක, විශ්ව විද්‍යාලයේ සිට පළවෙනි වසරේ ප්‍රාථමිකයේ සිට සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීලා තිබෙනවා. ඒ ගොල්ලො හිටියා නම් ගුරුවරුන්ගේ විෂමතා විසඳනවා කීවා. දැන් 94 ඉදන්ම මේ ප්‍රශ්නය තිබුණා. ඒ ගොල්ලන්ගෙ ආණ්ඩු ආව ගියා. ආවා ගියා. අපි මැරී ඉපදුණේ නෑනෙ. ආවා ගියා. යහපාලනයකුත් තියා ගත්තා විසදුවාද? නැහැ. යෝධ මුදල් ප්‍රතිපාදනයක් මුදල් ඇමතිතුමා මේ විෂමතාවය හමාර කරලා ඉතාම වැදගත් ඉතිහාසයේ අමතක නොවන අවස්ථාවකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විදුහල්පති ගුරුවරුන්ට ලබාදෙන්ඩ රුපියල් මිලියන 30ක් 32 ක් වෙන් කරලා තිබෙනවා. ඒ කෙලින්ම තියෙන ප්‍රතිපාදනයක් පමණයි. මගේ මිත්‍රත්වයෙන් ඇමතිතුමාට කියනවා තව බිලියන ගණනාවක් එතුමා පළාත් සභාව මඟින් අධ්‍යාපනයට වෙන් කරලා තිබෙනවා. 7% , දශම 5 ට ඉක්මවලා තියෙනවා. තව ක්ෂේත්‍ර ගණනාවකින්.

    මම විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා . පුද්ගලික ශිෂ්‍යයන් ගමන් කරන විවිධ ගමනාගමන පහසුකම්වලට වෑන් රථවල සිට කුඩා බස් රථ සඳහා වෙනම මුදලක් වෙන් කරලා තිබෙනවා ගරු කථානායකතුමනි. ඇයි? මේ අර්බුදකාරී කාලපරිච්ඡේදයේ අපි සෞඛ්‍යයට ගරු කරමින් මේ කටයුතු කරන්න ඕනි. ඒ සෞඛ්‍යට ගරු කරමින් කටයුතු කිරීමේදී අතිරේක වැයක් ඒ ප්‍රවාහන අංශවලට වැය වෙනවා. ඒවා පිළිගෙන තියෙනවා මුදල් ඇමතිතුමා. ඒකට වෙනම මුදල් වෙන් කර තිබෙනවා.

     

    ඒ නිසා මම හිතනවා අපේ ගරු ඇමතිතුමාලා මේ වැදගත් අවස්ථාවේදී මම සටහන් කළොත් ඉතාම වැරදියි. ඉතාම නිවැරදි ඓතිහාසික සන්ධිස්ථානයක් අධ්‍යාපනයට මෙයින් ලබාදීලා තියෙනවා. Historical milestone in the education sector of sri lanka. අපි එතෙන්ට හැරිලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ වැඩපිළිවෙලින්. දැනුමෙන් සමන්විත අළුත් පරම්පරාවකට රට හැරෙන්න අවශ්‍ය සියළු ආයෝජනයන් යළි ඇතිකර තිබෙන බව මම විශේෂයෙන් මේ අවස්ථාවෙ අයවැය ලේඛනය සම්බන්ධයෙන් කියන්නෙ. ඒ නිසා පාසැල් ප්‍රාථමික ද්විතීයික විශ්ව විද්‍යාල වෘත්තීය දුරස්ථ නව තාක්ෂණ අධ්‍යාපනය ඒ වගේම දහම් අධ්‍යාපනය වෙනුවෙන්ද එලෙසම මුදල් වෙන් කර තිබෙනවා. අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් ඒ මඟින් තැන්පත් කරලා තිබෙනවා. නෑ කියනවා නම් කවුරු හරි මන්ත්‍රිවරයෙක් තමන්ගේ ගෙදර දොරේ දරුවන්ටත් තමන් කරන්නේ අපහාසයක් කියන ටික කියන්න ඕනේ.

    පාසැල් විවෘත කරලා තියෙනවා ඔක්තෝබර් මාසේ පළමු වෙනිදා තමයි සෞඛ්‍ය නීති ඉවත් කළේ. ඔක්තෝබර් මාසේ පළමු වෙනිදායින් පස්සේ තමයි පාසැල් විවෘත කරන්න පුළුවන්කම ආවේ. ප්‍රාථමික පංතිවලින් ආරම්භ වුණේ. දෙලක්ෂ හතලිස් දාහක් ගුරුවරු ඔක්කොම එන්නත් කරලා තිබෙනවා දෙවරක්. ඒ එන්නත් කරලා තමයි පාසැල් පටන් ගත්තේ. ඒ නිසා අපිට පාසැල් අද ඉහළ පංති සියල්ල විවෘත කරන්න පුළුවන්කමට ලැබිලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනිකුත් ශ්‍රේණි පාසැල්වල ආරම්භ කරනවා ගරු කථානායකතුමනි. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්න ඕනි මේ දොර වැස්මෙන් පස්සේ After the lock down that the schools have opened. Irrespective of political priorities that we stand for it is our children who are going to school. They will be going through schools and going up the ladder to enter the future as across the university and other areas that are been opened.

    ඒ නිසා කුඩා දෙයක් අල්ලගෙන මහ බරක් හැටියට පෙන්වන විරුද්ධ පක්ෂය තවත් අසාර්ථක වුණා. ඒ අය කිව්වා, අපිට මේකට ගෙවන්න සල්ලි නෑ කියලා. අපි සාකච්ඡා කරමින් කොටසින් කොටස ගෙවන්න උත්සාහ දරලා එයට එකඟ නැත්නම් මුදල් ඇමතිතුමා, ගරු මුදල් ඇමතිතුමා පැමිණිලා තිබෙනවා. යළිත් මම සඳහන් කරනවා කොහොම හරි මේ දැවැන්ත මුදල් ලබාදීලා තිබෙනවා. ඒ තරම්

    ඓතිහාසික අවස්ථාවකට අපි පැමිණියාම විපක්ෂය යළිත් දැන් කථා කරන්න හදනවා, මොකක්ද අපි කර තිබෙන්නෙ කියලා.

    ගරු කථානායකතුමනි, මට මතකයි. අපේ ගරු මුදල් ඇමතිතුමා ඉන්නවා. නමුත් මම සිහිපත් කරන්නම්. එදා විපක්ෂය මේ වගේම නැගිටලා මේ පාර්ලිමේන්තුවේ කිව්වා. කෝවිඩ් හරහා ලක්ෂ ගණන් මිනිස්සුන්ට රක්ෂා නැතිවෙලා කියලා. වැඩපොළවල් වහනවා කිව්වා. දහස් ගණන් හෙට අනිද්දා එළියට දානවා කිව්වා. ඒ අයගේ රක්ෂාවල් නැතිවෙනවා කියලා. නමුත් මම කියන්නට ඕනේ. රක්ෂාවල් ලක්ෂ ගණනින් නැතිවෙනවා නවත්වන්න කම්කරු අමාත්‍යවරයා හැටියට එදා මට මැදිහත් වන්න පුළුවන්කම තිබුණා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් එ්වාගේම කාර්ය සාධක බලකායේ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් අපි පාර්ශවයන් තුනක් එක්ක එකඟතාවයකට ආවා. කිසි කෙනෙක් අස් කරන්නේ නැහැ කියලා. අපේ ආණ්ඩුව වැඩ කරන ජනතා හිතකාමීයි. ඒ වගේම නිෂ්පාදනය යළි පටන් ගමු කියලා. ක්‍රමානුකූලව. එ් අනුව තමයි ඒ ත්‍රෛ පාක්ෂික ගිවිසුම සාර්ථක වුණේ. ඔබලා එදත් ඇවිල්ලා කිව්වා ලක්ෂ ගණන් මිනිස්සු එළියට දානවා කියලා. ඔව්. මොකද? ඔබලා බලන්නේ පොතේ ගුරු හැටියට. එය යථාර්තය නොවෙයි. ඉන්දියාවේ ලක්ෂ ගණන් එළියට දැම්මා ෆැක්ටරි වහලා. නමුත් ශ්‍රි ලංකාවේ එවැනි තත්ත්වයකට පරිවර්තනය වෙන්න අපි ඉඩ තිබ්බේ නැහැ. මාසිකව රුපියල් 14,500 කට අවම ගෙවිමක් ගෙදර සිටියත් ලබා දුන්නා. කම්කරු ඇමතිතුමා ඒ ආරක්ෂාව දීලා තියෙනවා. ඒ වගේම නිෂ්පාදනය පටන් ගත්තා. Especially apperal sector started to re export re oriented re export ඒක අමතක කරන්න එපා.

    ඔබලා කිව්වා අපට කිසිවක් පිටරට පටවා ගන්න බෑ කියලා. මගේ මිත්‍රවරුනි, ලෝකයේ අපි විතරක් නොවෙයි . කන්ටේනර් ගමනාගමනය ඇණ හිටියා. අමතක නැද්ද? නැව් ගමනාගමනයට කන්ටේනර් පටවන්න බැරි තත්ත්වයක් ලෝකෙ තිබුණා. අදත් සම්පූර්ණ වෙලා නැහැ. තමුන්නාන්සේලා ඇවිල්ලා කථා කරනවා. ඇයි ශ්‍රී ලංකාවට. අරක කරන්නට බෑ. මේක කරන්නට බෑ කියලා. නමුත් මේ වෙනකොට රබර් මිළ නැගලා තිබෙනවා. කිරිඇල්ල මන්ත්‍රි තුමාගේ ගම පැත්තට ගියා නම්, රබර් මිළ නැගිට්ට බව ගම්මු කියයි. ඔය ටෙලිපෝන් කෝල් එකෙන් ආපු පණිවුඩය නෙවෙයි ඒ ගම්වල කාන්තාවන් කියන්නෙ. රබර් කිරි කපලා අපිට දැන් ටිකක් වැඩියි කියලා. මම මේ කියන්නෙ. ඒක නිසා අපිට ඒවගේම අනික් මිල වැඩිකර ගැනීමේ උත්සාහයක් මේ අයවැය ලේඛනය ලබාදීලා තියෙනවා.

    මම අපේ මිත්‍ර රටවල් ගැන සඳහන් කළා. අපිත් එක්ක ඔක්කොම අමනාපලු. අපිත් එක්ක අමනාප නම්, අපිට ඉන්දියාව ලබාදෙයිද එන්නත්, නොමිලෙත් ලබාදුන්නා. මුදලටත් ලබාදුන්නා, ඉන්දියාවේ ඇතුලේ අර්බුදයක් වන තුරු. චීනය ලබා දුන්නා යෝධ ප්‍රමාණයක්. ස්පුට්නික් රුසියාව ලබා දුන්නා. අමෙරිකාව ලබාදුන්නා. යුරෝපය ලබාදුන්නා. ඉතින් තමුන්නාන්සේලා කියනවා අපිට ජාත්‍යන්තරව මිත්‍රයන් නැහැ කියලා. ඉතින් මේ වගේ බොරු කා සඳහාද කියන්නේ? රුසියාව, ජපානය, මැදපෙරදිග වැනි රටවල්වල ආර්ථික ශක්තිය ලැබුණා. ඒ වගේම විශේෂයෙන් විවිධ රටවල මහබැංකු, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මූල්‍ය අවබෝධයක් ඇතිව කටයුතු කළා. කිසිම රටක විශ්වාසය නැත්නම් මෙහෙම කටයුතු කරන්නේ කොහොමද? අපෙන් අහනවා. ගරු මුදල් ඇමතිතුමා පැහැදිලි කළා. ඔබලා සවන් දුන්නා. නමුත් ඔබලා කැමතියි කියන්න රටට මේක කරන්න අමාරුයි කියලා. විදේශ ණය කෙරෙහි තිබුණු දැවැන්ත බර අඩු කරගෙන යාමට රජයේ ප්‍රතිපත්තිය කල්පනා කර තියෙන නිසයි මේ වැඩපිළිවෙළට අවතීර්ණ වුණේ. ඉතින් ඔබතුමාලා ඒ වෙනුවට කියන්න හදන්නේ අපට රට කරගෙන යන්න බෑ. Sri lanka is making use of all finance instruments available to us. We didn’t invent any of these my dear friends. They existed the around the world. Various countries have used them under different conditions. Swops, bonds, bared, FDI, joint ventures and such kind of instruments instead of heavy borrowings, if available to us we will use without hesitation but under certain conditions that we will stick to that is we have to stated විපක්ෂය තවත් බොරු කිව්වා.

    විදේශ ණය වාරික ගෙවන්න බැරි වෙනවා කියලා. ඒක තමයි මම කිව්වේ. බැරි වුණාද? නෑ. ඔක්කොම ගෙව්වා අද දක්වා. දැන් ඉතින් කියනවා අපේ ඉතිරිය. අපි ණය ගෙවලා තිබෙන බව සත්‍යයක් හැටියට ඔබතුමන්ලා පිළිගන්න ඕනේ. ඒ වගේම මුදල් ඇමතිතුමා ඒ විශ්වාසය ඇතිව තමයි ඉදිරියේදීත් අපි ණය ගෙවන්නට පුළුවන්කම කෙරෙහි මේ අයවැය ලේඛනයේදී විශ්වාසයෙන් සඳහන් කළේ. මගේ මිත්‍ර හර්ෂ ද සිල්වා හිටපු ඇමතිතුමා සඳහන් කළා විදේශ රැකියාවල්වලින් ලැබෙන සල්ලි අපි උකස් තියන්න හදනවා කියලා. ඒවා ලංකාවට ලැබෙනවා නම් ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා විදේශ විනිමය බවට පරිවර්තනය වෙනවා. ඉතින් විදේශ විනිමය නෑ කියලා කියන කථාව එක පැත්තකින් කියමින් අනික් පැත්තෙන් කියනවා විදේශ විනිමය ලැබෙන දෙයින් මේවා ගෙවන්නට හදනවා කියලා.

    Sri lanka has honored all foreign depth payments that were due within the past two years amidst the covid crisis misleading fault statements by the opposition.

    irrespective of our opposition is saying we have fulfilled the financial obligations and won the trust of international financial agencies that we are in the present circumstance’s amidst all these problems that we are managing. without going of any kind of a sovering default. You are all predicting this house remember what we are all saying that we are going in to sovereign default. How many time you are repeated in this house why are you all behaving like this. The international cricis all of us must protect our citizens our country and our economy.not look for other reasons to oppose මම හිතනවා මේ නිසා ගරු කථානායකතුමනි, අද වනවිට ලෝකයේ න්‍යායාත්මක ආර්ථික විශ්ලේෂණ විශේෂයෙන් උපදෙස් සියල්ල බොරු මිත්‍යාවන් බවට පත්වෙලා තියෙනවා. මගෙත් එක්ක සමහර විට හිත මිත්‍ර හිටපු අග්‍රාමාත්‍ය තුමා එකඟ වෙයි.

    මහජන එක්සත් පෙරමුණ හැමදාම මේ පොතේ ගුරුවාදය ප්‍රතික්ෂේප කළා. හෙළා දැක්කා. ලෝකයේ දියුණමයි කියන ආර්ථිකයනුත් අද කෝවිඩ් නිසා අමාරුවෙ වැටුණා. මම කලින් කිව්වා. ගිය මාසේ එක්සත් ජනපද අමෙරිකා සෙනට් මන්ත්‍රි මණ්ඩලය ණය සීමාව වැඩි කළා. you agree ඒ වගේම අනික් රටවල් මේ විධියටම ආර්ථිකයේදී වෙනදා වගේ එක න්‍යායාත්මක There is no static formula. This is where you are all in the opposition and we have to think. That is what the Hon minister of finance has very clearly stated. Some say we know from both sides. From the right to left. All the theories have been worked out today in order to achieve the progress and protection needs society wants in this crisis. We have never faced this crisis before.

    ලෝක යුද්ධයක් ආවා. ඉවර වුණා. නමුත් ලෝක යුද්ධයක් නොවේ මිනිස් ජීවිත පිලිබද අවිනිශ්චිත භාවය දැන් තියන්නෙ. මං මගේ කථාව අවසන් කිරිමට මත්තෙන් ඒ නිසා අපි මොන ආර්ථික න්‍යායේ පොතේ ගුරුවාදයට ගොදුරුව සිටියත් එයින් මිදුණු යථාර්ථික වැඩපිළිවෙළවල් වලට අවතීර්ණ වෙන්න ඕනා බව තමයි මේ අයවැය ලේඛනයෙන් මම හිතන්නේ ගරු මුදල් ඇමතිතුමා මම කලින් කිව්වා තවදුරටත් සදහන් කරන්න ඕනේ ග්‍රාමීය ආර්ථිකය දේශීය

    ආර්ථිකය ශක්තිමත්ම භාවය ඇති කරන්න අය වැය ලේඛනයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරලා තියෙනවා.

    The rural economy ……. for runner of the national economy. We have not going against the private sector. We are not going against any other sector. We are revived. Ha has agreed to revived and given an assurance of even the cooperative sector මම ස්තූතිවන්ත වෙනවා අපේ මන්ත්‍රී තුමා අපේ පළාත්වල ඔබේ ආණ්ඩු හොදින් වැඩ කළා කියලා කිව්වා.

    පසුගිය කාලෙම ණය ගෙවා ගන්න බැරිව අසරණව ග්‍රාමීය සමූපකාරවල තැන්පත් කරපු කෝටි ගණනක මුදලක් තැන්පත් කරපු අහිංසක ගැමි ජනතාවගේ ඒ මුදල් නැතිව ගියා. Central bank did not act as a result similar central bank failed to act in certain in terms of some other finance companies. This is why they have collapsing. Before they collapsed the necessary steps have to be taken otherwise we have to reimburse what has been lost. ගරු මුදල් ඇමතිතුමා ඒ ණය සම්පූර්ණයෙන් යළි ගෙවා දැමීමට හා සමූපකාර අංශය ගරු කථානායකතුමනි, ගාල්ලෙන් එහා සමූපකාර සංගම් ගණනාවක එසේ තැන්පත් කරපු මුදල් ඒ අයට අහිමි වෙලා තියෙනවා. ඒ සියළු දෙනාට ඒ විශ්වාසය ඇති කරලා තියෙනවා.

    ඉතින් අවසානයේදි ගිය ආණ්ඩුව වැඩේ වරද්ද ගත්තේ මහ බැංකුවේ මහා හොරකමින්. මේකෙන් තමයි ගිය ආණ්ඩුව ආපු හැටියෙම වැඩ වරද්ද ගත්තේ. ඉතින් මුදල් ඇමතිතුමා අයවැය කථාවේ කියනවා මගේ මිත්‍ර කිරිඇල්ල මන්ත්‍රිතුමාට ඒක මතක නෑ. මහ බැංකුවට සිද්ධ වෙච්චි දේ. ඒක තමයි ආර්ථිකය කළඹවපු , සිද්ධිය පසුගිය රජය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ වංචාවට මුල් වුණු Prefecture Treasure නමැති සමාගමට අයථා ලෙස මූල්‍ය වංචා සහගතව උපයා ගත්තු ඒ ප්‍රධාන හැම සතයක්ම යළි භාණ්ඩාගාරයට ලබාගැනීමට අයවැය ලේඛනය ප්‍රකාශ කළා. ඉතාම වැදගත්. එය තාම හමාර නැහැ. එහි මුල් ගිය තැන් එය කෙසේ දිය වී ගියාද කියා සොයා බලන්න ඔබතුමාලාගේ මහ බැංකුවේ අධිපතිතුමා තාම ලංකාවට එන්නෙ නැහැ. මේ ඔබතුමන්ලාගෙ මුදුන්මල්කඩ. මහ බැංකුවේ ඉහලින්ම තියපු කෙනා. එයා කොයි රටේ හැංගිලා ඉන්නවාද කියලා අපි දන්නෑ. ඔබතුමන්ලා දන්නවා කොයි රටේ ද හංගලා තියෙන්නෙ කියලා. ඒක නිසා මම ඉතාම ඕනෑකමින් ඒ ටික සදහන් කළේ. මොකද අපේ මධ්‍යම බැංකුවට මහා බැංකුවට එවැනි මහා විනාශයක් සිදුවෙනවා බලන් හිටපු ආණ්ඩුවක්. ඉතින් අද ඔබ ඇවිල්ලා කථා කරන්නේ මූල්‍ය සාධාරණකම ගැන.

    මම කථාව අවසන් කරමින් ගරු කථානායකතුමනි, අවසානයේදි මම අවධානයට යොමු කරන්න කැමතියි ගරු මුදල් ඇමතිතුමාත්. ඒ වගේම විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රිතුමාත්

    I wish to bring to the notice of this house on the latest findings of prof David card that 2021 Nobel price winner in economics. ………His colleague research work has established. That the minimum helps to create more jobs, more economic power, more purchasing in power. This new finding definitely totally incontrain to establish economic governments. That is why want to trust or encourage the potheguruwadaya. මේ අවම ආදායම් මාර්ග පිළිගනිමින් තමයි අපි ඉදිරියට ගමන් කරන්නේ. අපේ අඩුම ආදායම් ලබන අමාරුවෙන් ජීවත් වන ජනතාවගේ ප්‍රශ්නයට සුවිශේෂව අවධානය යොමු කරන්න මේ අයවැය ලේඛනයේ උත්සාහය ඉතා පැහැදිලිව පෙන්නුම් කරනවා. එයට තවත් අපට එකතු කළ හැකි සෑම ශක්තියක්ම ඉදිරි කාලයේදි එකතු කරන්න. මොකද අඩුම ආදායම් ලබන ජනතාව තමයි වැඩිම මේ පීඩනයට මුහුණ දෙන්නේ. ඒ වගේම අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් කෘෂිකර්මාන්තයට, වාරි කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් මේ අයවැය ලේඛනයෙන් ලබාදීලා තියෙනවා. ගොවි ජනතාවට ලබා ගත හැකි වැඩි ආදායම් මාර්ග ඇති කිරිම සදහා පසුගිය කාලේ ස්ථාවර මිල වැඩිකිරීමක් කළා. ඒ තුළින් ඔවුන්ගේ ආදායම් මාර්ග වැඩිවුණා. අපි ස්වභාවධර්මය ප්‍රතික්ෂේප නොකර අපේ ගමේ සිට ග්‍රාමීය ආර්ථිකය යළි පණගන්වන දැවැන්ත උත්සාහයකට අවතීර්ණය වෙමු. අයවැය ලේඛනය අද ඉදිරිපත් කරලා විවාද කරන අවස්ථාවේදී අපි සමස්ත අයවැය ලෙස බලන ලෙසත් ඉතාම පොඩි පොඩි කෑලි අල්ලා ගෙන හෝ එදිනෙදාට ලැබෙන ප්‍රවෘත්ති කිහිපයක් අලලා ගෙන විරුද්ධ පක්ෂය මේ ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික කළමනාකරණය මෙලෙස විවේචනයට ලක් කරන්නට නැගී සිටීම ගැන පොදු ජනතාවගේ පැත්තෙන් ලබාදෙන සහන මේ අයවැය කියවා බලන ලෙස යළිත් සදහන් කරමින් ‘උට්ඨාන මතෝ සති මතෝ......’ උට්ඨාන වීර්යයෙන් අතිශයින් ඇති මිනිස්සු එකතු වී දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබා ආරක්ෂා කිරීමට අපි කැපවෙමු. ''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya