මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල අතර කොටස විවෘත කිරීමට කටයුතු කරනවා

    නොවැම්බර් 15, 2021

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සහ කුරුණෑගල අතර කොටස මේ මස දී විවෘත කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    යහපාලන ආණ්ඩුව කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදිකිරීම අවුරුදු පහක් තිස්සේ පටන් නොගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහෙත් මෙම රජය සම්පූර්ණ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවුරුදු දෙකක් ඇතුළත නිම කරන බවද සඳහන් කළේය.

    යහපාලන ආණ්ඩුව මෙම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් කොන්ත්‍රාත් ලබා දුන් පිළිවෙල ගැන තමා රටට හෙළි කිරීමට සූදානම් බවත් ඒ සඳහා විවාදයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ‍ය. මෙම අධිවේගී මාර්ගයට මුල්ගල තැබුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බව පැවසූ ඇමැතිවරයා, මාර්ගයට අදාළව වංචා දූෂණ කළ අය අද සිටිය යුත්තේ හිරගෙවල්වල බවත් ප්‍රකාශ කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya