මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු උපදේශකවරුන්ගේ ගැටළු විසඳීමට සාකච්ඡා කරනවා

    නොවැම්බර් 15, 2021

    ගුරු උපදේශකවරුන්ගේ ගැටළු පිළිබඳව අවධානය යොමු වී තිබෙන බවත් පවතින පරිපාලනමය ගැටළුව විසඳීමට සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

     සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් අද (15) පාර්ලිමේන්තුවේ දී ගුරු උපදේශකවරුන් මුහුණපාන ගැටළු පිළිබඳව යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ගුරු උපදේශක සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවත් විෂය මාලා සංවර්ධනය කිරීමේ දී ඒවා ගුරුවරු අතරට ගෙන යාමට ගුරු උපදේශකවරු අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ගුරු උපදේශකවරුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් සොයාබැලීමට විෂයභාර ලේඛම්වරයාට උපදෙස් ලබා දුන් බවත් මේ සම්බන්ධව හෙට දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya