මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් ක්‍රීඩාව වංශවතුන්ගෙන් ගම්මානයට ගෙන ගිය බන්දුල වර්ණපුරගේ වර්ණවත් ඉනිමට රජයේ ආචාරය - ජනමාධ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 19, 2021

    ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතාගේ අභාවය සම්බන්ධයෙන් රජය කණගාටුව පළකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වංශවතුන්ගෙන් ගම්මානයට ගෙන ගිය බන්දුල වර්ණපුරගේ වර්ණවත් ඉනිමට රජය ආචාරය පුද කරන බව අමාත්‍යවරයා කීය.

    මියයන විට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලැබූ සහ පළමු පන්දුව යැවූ ක්‍රීඩකයාද වේ. 1975 වසරේ සිට 1982 වසර දක්වා ක්‍රීඩාවේ නියැලුනු ඔහු අර්බුදකාරී දකුණු අප්‍රිකානූ තරඟ සංචාරයෙන් පසු තරඟ තහනමකට ලක්වුණි. පසුව බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරීයෙකු ලෙසද, ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya