මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ එන්නත්කරණය විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනවා - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    සැප්තැම්බර් 28, 2021

    දරුවන්ගේ එන්නත්කරණය විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ ආයතනගතව සහ රෝහල්වල සිදු කෙරෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ ,අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙනේතුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු වශයෙනි.

    ශ්‍රී ලංකාවේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුදෙනා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ළමුන් සදහා එන්නත්කරණයට නිර්දේශ ලබාදෙන බවද, එන්නත්කරණයෙන් ඇතිවෙතැයි කියන සංකූලතා තත්ත්වය පිළිබදව ලෝකයේ වාර්තා වුණු ඉතාම අල්ප සංඛ්‍යාව හා සැසදීමෙන් අනතුරුව සහ එන්නතෙන් ඇති ආරක්ෂාකාරී ප්‍රතිඵල
    සැලකිල්ලට ගැනීමෙන් පසුව එන්නත ලබාදීම සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    එමනිසා ලෝකයේ රටවල් රාශියක දැනටමත් තෝරාගත් දරුවන් වෙනුවෙන් එන්නත්කරණය සිදුකෙරෙමින් පවතින බවද, ශ්‍රී ලංකාවේද එම තීන්දුව එම මාර්ගෝපදේශ සියල්ල හරහා අරගෙන ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගී තත්ත්වය ඉතාම සුළු පිරිසකට පමණක් ඇතිවී ඇති සංකූලතා තත්ත්වයක් වන අතර එන්නත්කරණයෙන් ලැබෙන ආරක්ෂාව සහ වාසි සහගත ස්වරූපය එයට වඩා වැඩි බවයි.

    එනම් එයින් ඇතිවන සුළු අනතුරට වඩා ආරක්ෂාව ඉතා ප්‍රභල බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සියලුදෙනාගේ පිළිගැනීම බවද අමාත්‍යවරයා සදහන්
    කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya