මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන අන්තර්ජාල ඇනවුම් මගින් නිවසටම

    සැප්තැම්බර් 28, 2021

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ සෞඛ්‍යාරක්සාව තහවුරු කරනු පිණිස ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් නිස්පාදිත ඖෂධ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඇනවුම් කර පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ නිවසට ගෙන්වාගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

    ඊයේ (27) දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අලෙවිසැලේදී ආරම්භ කෙරිණි.

    කොළඹ ව්‍යාපාරික සංගමය විසින් හදුන්වාදෙන ලද www.onemart.lk වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් මෙම සේවාව ලබාගැනීමේ හැකියාව ඇත.

    එම අවස්ථාවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී සාගලා අබේවික්‍රම, කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියශීල වික්‍රමනායක, කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya