මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැදවීම සම්බන්ධයෙන් කණගාටුව පළකරනවා - ජනමාධ්‍ය අමාත්‍ය

    සැප්තැම්බර් 28, 2021

    පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු රහස් පොලීසියට කැදවා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමා ප්‍රථමයෙන් කණගාටුව පළකරන බවද, එය ආණ්ඩුවක් වශයෙන් ප්‍රතික්ෂේප කරන අතරම මෙය නොවිය යුතු දෙයක් වශයෙන් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙනේතුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට අදහස් දක්වමිනි.

    රහස් පොලීසිය වෙත කැදවා තිබූ නිවේදන අයිලන්ඩ් සහ ලංකාදීප යන පුවත්පත් මාධ්‍ය ආයතන දෙකෙන් යොමුකර තිබූ බව සිහිපත් කළ ජනමාධ්‍ය ඇමතිවරයා, මේ සම්බන්ධයෙන් අගමැතිතුමාගෙන් කළ විමසීමේදී කිසිසේත් මේ අයුරින් මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැදවා ප්‍රශ්න කිරීම් නොකළ යුතු බවට පැහැදිලිව අවධාරණය කළ බවද, විෂයභාර අමාතය සරත් වීරසේකර මහතාද කිසි අයුරකින් රහස් පොලිස් නිලධාරීන් එම මාධ්‍ය ආයතන වලට එවන්නේ නැති බව පැවසූ බවද සිහිපත් කරමින් ඒ පිළිබදව අගමැතිතුමාට සහ අමාත්‍ය සරත් වීරසේකර මහතාට ස්තුතිවන්ත වූවාය.

    බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට සහ රාජ්‍ය අමාත්‍යවරයාට සුදුලූණු වංචාවක් සම්බන්ධයෙන් හිටපු නිලධාරියෙකු ඇගිල්ල දිගුකළ අවස්ථාවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ඒ පිළිබදව පැමිණිල්ලක් සිදුකළද ආයතන නම් කිරීමක් සිදු නොකළ බවද ඔහු පැවසුවේය.

    එමෙන්ම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වංචනික තක්කඩි දේශපාලනඥයෙක් නොවන බැවින් එවැනි පැමිණිල්ලක් සිදුකිරීම යුක්ති සහගත යැයිද, තමා ආණ්ඩුවක ගොරෝසු දරදඩු ඒකාධිපති නීති වලට එරෙහිව පෑන අතට ගත් මාධ්‍යවේදියෙකුව සිට අද ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින වකවානුවක මෙලෙස මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැදවීම සම්බන්ධව කිසිසේත් එකඟ නොවන්නේ යැයිද මෙය මුළුමනින්ම බැහැර කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධව අගමැතිතුමාට සහ විෂයභාර අමාත්‍යතුමාට ස්තුතිවන්ත වන අතරම ඊට සම්බන්ධ සියලුම මාධ්‍යවේදීන්ට කණගාටුව පළකරමින් මෙවැන්නක් යළි සිදුනොවීමට සහතික වන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුම්දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya