මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක පී. සී. ආර්. පරීක්ෂණාගාරය වහලා නැහැ -උප සභාපති, ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම

    සැප්තැම්බර් 28, 2021

    කටුනායක ගුවන් තොටුපොළෙහි පී සී ආර් පරීක්ෂණාගාරය වසා නොමැති බවත්, එය වසා ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක් බවද ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රවී සූරියආරච්චි මහතා සදහන් කළේය.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙය ඉතා විශාල, යන්ත්‍රානුසාරයෙන් සිදුකරන ක්‍රියාවලියක් බවද, එම නිසා ආරම්භයේ දී යම් තාක්ෂණික දෝෂ ඇතිවිය හැකි බව පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, මේ අවස්ථාවේ  යම් තාක්ෂණික දෝෂයක් මතුව ඇති අතර එය නිවැරදි කරගැනීමට අවශ්‍ය බලධාරීන් කටයුතු කරගෙන යන බවයි.

    එමෙන්ම ලංකාවට පැමිණෙන මගීන්ට කිසිදු අපහසුතාවයක් ඇති නොවන පරිදි සියලුම පරීක්ෂණ ගුවන්තොටුපොළ තුළ සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya