මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකයි. - ඊජිප්තු තානාපති

    සැප්තැම්බර් 27, 2021

    ලොව බොහෝ දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය වඩාත් සාර්ථකව මෙන්ම වේගවත්ව ක්‍රියාත්මක කෙරෙන බව ඊජිප්තු තානාපති Hussein El Saharty මහතා පැවසීය.

    මේ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල දැඩි ඇගයීමට ලක් කෙරෙන බවත් තානාපතිවරයා කීය.

    අද (27) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදී මේ බව කීය.

    ඊජිප්තුවේ සයිනොවැක්ස් එන්නත නිෂ්පාදනය කෙරෙන බවත් මෙයට අමතරව කොවිඩ් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ඉලක්ක කර ලබා දිය හැකි ඖෂධ වර්ගද එරට නිෂ්පාදනය කෙරෙන බවත් ඒ මහතා කීය.

    ඉදිරියේදී ඖෂධ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් ඔස්සේ ශ්‍රී ලංකාව හා ඊජිපතුව අතර ඉතා ඵලදායී වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට අවධානය යොමු කෙරෙන අතර පවතින මිත්‍රත්වය හා සබඳතාවය ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද තානාපතිවරයා ඉල්ලා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අවුරුදු 20 -29 ත් අතර පිරිස් සඳහා වන එන්නත්කරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු කර ඇති බවත් කීය. විශ්ෂයෙන් ඉදිරියේදී පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත සලකා බැලිය හැකි ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කෙරෙන බවද පැවසීය.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya