මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා හා බ්‍රිතාන්‍ය අමාත්‍යවරු වෙළඳාම, ආයෝජනය සහ දේශීය සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා

    සැප්තැම්බර් 27, 2021

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ බ්‍රිතාන්‍ය දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා පසුගියදා නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ දී සාකච්ඡා පැවැත්වූහ.

    වෙළඳාම, වරාය නගරයේ සහ අනෙකුත් ස්ථානවල පවතින ආයෝජන අවස්ථා, සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම, සංවර්ධනය සහ ඩයස්පෝරාව සමඟ පවතින සබඳතා ගැන විශේෂයෙන් සඳහන් කරමින් සංහිඳියාව සම්බන්ධ කරුණු ඇතුළුව, පුළුල් පරාසයක කරුණු පිළිබඳව අමාත්‍යවරු සාකච්ඡා කළහ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා නොතකා, දේශීය ආයතන මඟින් විවිධ අංශයන්හි භූමිය තුළ ලබා ගත් සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳව පීරිස් අමාත්‍යවරයා සවිස්තර වශයෙන් අහමඩ් සාමිවරයාට පැහැදිළි කළේය.

    නුදුරු පහසු අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය පීරිස් මැතිතුමන්ගේ ආරාධනය අහමඩ් සාමිවරයා සතුටින් පිළිගත්තේය.

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

     

    2021 සැප්තැම්බර් 26 වැනි දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya